(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග තත්ත්වයේ විශාල වශයෙන් වැඩි වීමක් පෙන්නුම් කරන බවත් මෙය ජනගහනය ලක්ෂයකට රෝගීන් 505 ක පමණ අයුරින් වැඩිවීමක් වන බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දැනුම්දීමක් කර සිටී.
ඩෙංගු රෝග ව්‍යාප්තිය තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදී දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය නීලංගී සුභසේකර මහත්මිය සඳහන් කර සිටියේ දිවයිනෙහි ජනගහනය ලක්ෂයකට ඩෙංගු රෝගීන් සීයක් පමණ වන මට්ටමින් පසුගිය කාලයේ දී ඩෙංගු රෝගීන් වාර්තා වුවද ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට ජනගහනය ලක්ෂයකට රෝගීන් 505 ක් පමණ ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
මෙය ඉතා අහිතකර තත්ත්වයක් බව පෙන්වා දෙනු ලැබූ වසංගත රෝග වේදඥවරිය , ගම්පහ දිස්ත්‍රික්කයේ සීදුව ,ජාඇල, කැලණිය සහ මීගමුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් වාර්තා වන බවද පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ ඩෙංගු වැඩි වේ