(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝග තත්ත්වයේ විශාල වශයෙන් වැඩි වීමක් පෙන්නුම් කරන බවත් මෙය ජනගහනය ලක්ෂයකට රෝගීන් 505 ක පමණ අයුරින් වැඩිවීමක් වන බැවින් ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය දැනුම්දීමක් කර සිටී.
ඩෙංගු රෝග ව්‍යාප්තිය තත්ත්වය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදී දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය නීලංගී සුභසේකර මහත්මිය සඳහන් කර සිටියේ දිවයිනෙහි ජනගහනය ලක්ෂයකට ඩෙංගු රෝගීන් සීයක් පමණ වන මට්ටමින් පසුගිය කාලයේ දී ඩෙංගු රෝගීන් වාර්තා වුවද ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට ජනගහනය ලක්ෂයකට රෝගීන් 505 ක් පමණ ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇති බවය.
මෙය ඉතා අහිතකර තත්ත්වයක් බව පෙන්වා දෙනු ලැබූ වසංගත රෝග වේදඥවරිය , ගම්පහ දිස්ත්‍රික්කයේ සීදුව ,ජාඇල, කැලණිය සහ මීගමුව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි ඩෙංගු රෝගීන්ගේ වැඩි වර්ධනයක් වාර්තා වන බවද පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd