( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙ පළාත් පාලන ආයතන 19 ක් සදහා සභිකයින් 688 දෙනෙ තෝරා පත් කර ගැනීම පිනිස දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 13 ක ඡන්ද දායකයින් 18, 33, 602 දෙදෙනකු සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

2022 ඡන්ද නාම ලේඛනයට අනුව ඡන්ද දායකයින් 18,33,602 ක් වන අතර එය පසුගිය 2018 ඡන්ද නාම ලේඛනයට අනුව 1,09,293 ක වැඩි වීමක් බව ගම්පහ දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.ජේ.එස්.මාධව මහතා පැවැසීය.

පළාත් පාලන ආයතන මැතිවරණය සඳහා ඇප තැන්පත් කිරීම අද දිනයේ සිට ආරම්භ කොට ඇති බවත් නාම යෝජනා බාර ගැනීම මෙම 18 වෙනි දින සිට 22 වෙනි දින දහවල් 12 දක්වා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙන බවත් සහකාර කොමසාරිස්වරයා කීය.

දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 සදහා සභිකයින් තෝරා ගැනීම, මීගමුව මහ නගරසභාව සභිකයින් 48 ක්, ගම්පහ මහ නගර සභාව සභිකයින් 28 ක්. වත්තල මාබෝල නගර සභාව 16 ක්, කටුනායක සීදුව නගර සභාව 18 ක්, මිනුවන්ගොඩ නගර සභාව 15 ක්, ජාඇල නගර සභාව 16 ක්, පෑලියගොඩ නගර සභාව 16 ක් , වත්තල ප්‍රාදේශීය සභාව 35 ක්, කටාන ප්‍රාදේශීය සභාව 41 ක්, දිවුලපිටිය ප්‍රාදේශීය සභාව 43 ක්, මීරිගම ප්‍රාදේශීය සභාව 48ක්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව 46 ක්, අත්තනගල්ල ප්‍රාදේශීය සභාව 50 ක්, ගම්පහ ප්‍රාදේශීය සභාව 36 ක්, ජා ඇල ප්‍රාදේශීය සභාව 43 ක්, මහර ප්‍රාදේශීය සභාව 55ක්, දොම්පෙ ප්‍රාදේශීය සභාව 41ක්, බියගම ප්‍රාදේශීය සභාව 53 ක් සහ කැලණිය ප්‍රාදේශීය සභාව 40 ක් ආදී වශයෙන් සිදු වන බවත් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මාධව මහතා වැඩිදුරටත් පැවසීය.