(සුමිත් පොතුපිටිය)

පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන්  නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට පත්ව සිටියහ.

මියගොස් සිටි පුද්ගලයා සිය වයෝවෘද්ධ බිරිඳ සමග තනිව නිවසේ ජීවත්ව සිට ඇති අතර , ඇයටද මේ සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නොතිබූ බව සදහන් වේ.

ඒ අනුව  ප්‍රදේශවාසීන් ග්‍රාම නිලධාරීවරයා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ නමුත්, රිවීදෙව්ගම පිහිටි ඔහුගේ කාර්යාලයද වසා දමා තිබී ඇත.

මියගොස් ඇති පුද්ගලයාගේ මෘතදේහය මල් ශාලාව වෙත රැගෙන යාමට ප්‍රථම ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය ලබාගැනීම අනිවාර්යව තිබූ බැවින් ප්‍රදේශවාසීන් විසින් පානදුර උතුර පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එහි නිලධාරීන් පැමිණ විමර්ශන සිදුකර මෘතදේහය මල් ශාලාව වෙත යොමු කරන ලදී.