(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව ක්‍රියා කිරීමේදී ශ්‍රී ලංකාවට බරපතලම ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවීම රටක් වශයෙන් මහගිරිදඹ තරණය කිරීමට සූදානම් වීමක් බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරන බව පැවසුවද ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ණය යෝජනාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමත් සමඟ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කිරීමට සිදුවන බවත් එය මහගිරිදඹ තරණය කිරීමට සැරසීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙරට සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ඉදිරිපත් වනු ඇතැයි කී රණවක මහතා එය සුබ ලකුණක් බව ද කීවේය.
ඩොලරයේ ඉල්ලුම නැතිවීම හේතුවෙන් එහි වටිනාකම තරමක් අඩුවුවත්, ණය ගෙවීම ඇරඹුවොත් හෝ ආනයන සීමා ඉවත් කර නැවත ආනයනවලට ඉඩ දුනහොත් ඩොලරය අනිවාර්යෙන්ම නැවතත් ඉහළ යනු ඇතැයි ද හෙතෙම පැවසීය.
පවතින තත්වය අනුව තෙල් හා විදුලි ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ හැකි බව කී මන්ත්‍රීවරයා රජය ඒවායින් අධික ලාභ උපයන බවත්, ඒවා ගෙන්වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවමත් අතිශය දූෂිත බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවස්ථාවාදී දේශපාලකයකු වුවත්, මොහු සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක වැනි බොරුවෙන් රජවෙන්න හදන දෙපළට වඩා ගව ගණනක් ඉදිරියෙන් සිටින්නෙකි. පසුගිය දා මෙතුමා පවසා සිටියේ හොරු ඇල්ලීම වැනි සුරංගනා කතාවලින් හෝ පිටරටවල නායකයන්ට ඉංගිරිසියෙන් කත කර මුදල් ඉල්ලීම කළ පමණින් රටක් දියුණු කළ නොහැකි බවයි.පමණට වඩා වැඩියෙන් ප්‍රසාරණය කරන ලද හොරකම නමැති ප්‍රපංචය මාධ්‍ය හරහා කට උල් කරමින් හුවා දක්වන අනුර දිසානායක මහතාගේ වාගාලාප හෝ "ජනතාවගේ දෙපා ලගට" පැමිණ ප්‍රශ්න විසදනවා වැනි ජනප්‍රියවාදී හුදු ලාබ කතා මගින් රටක් ආර්ථික වශයෙන් නගා සිටුවීමට නොහැකි බව රටේ ජනතාව තේරුම් ගත්තොත් පාඨලී රණවක මහතාට රටේ නායකත්වයට පත් වීමට හැකි වනු ඇති බවක් සිතේ.
හලෝ ගමනේ අපහසුව දකින්නේ දැන්ද? යාන්තමින් ගොඩ එන්න ගිය රට 1971 වලපල්ලට තල්ලු කළේ ජෙප්පන්. එතැනින් ගොඩ එනකොට නැවත 1977 වලට තල්ලු කලේ තම්බි මුදියන්සේලාගේ ජයවර්ධන. නැවත 1989 රට සහමුලිම කෑවේ පාහර ජෙප්පන්. ඒ අතරතුර කැවුම නියමෙට බෙදලා දෙන්න ගිය වඳුරා වගේ තමුන්ලා රට කෑවා. දැන් තිබෙන ගමන් මග බොහොම අසීරුයි කියලා අපි දන්නවා. කවුරු රට ගොඩ ගනීද කියලා දන්නේ නැහැ.
චම්පික රණවක දිනපතා අන්තර්ජාලය පරිහරණය කර තොරතුරු සොයා ලස්සනට අදහස් ඉදිරිපත් කළත් හිටපු ඇමැතියෙක් බව අමතක කරන්න නරකයි. අන්තරෙන් පටන්ගෙන ජාතික හෙළ උරුමයට රිංගලා තිලක් කරුණාරත්නව කපලා, කරමතින් දේශපාලනයට ඇවිල්ලා මහින්දගේ එල්ලිලා ගාන කපාගෙන සජබට එක්වෙලා පොර ටෝක් දුන්නාට රටේ ජනතාවට දුම් සහතික, පැරණි යන්ත්‍ර වලින් සැදූ නොරෙච්චෝලේ වැනි ක්‍රියාහරහා ජනතාවට කෙළවපු සුදු කරපටියෙක් හා කුලයට අදින පුද්ගලයෙක්...