
(ආරියරත්න රණබාහු)
ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත විය.
දිගු කලක් රෝගාතුර ව සිටි ඒ මහතා මිය යන විට 82 වියේ පසුවිය සිය දීර්ඝ කීර්තිමත් නීතිඥ ජීවිතය තුළ ඔහු මෙරට ආන්දෝලනාත්මක නඩු කිහිපයකටම පෙනී සිට ඇති අතරශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසද ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උප සභාපති ලෙසද කොළඹ වරාය ආර්ථික කොමිසමේ සභාපති ලෙසද ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී( නීති) ධුරයේද කටයුතු කළ අයෙකි.
ගල්කිස්ස ශාන්තතෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයකු වූ මාරපන මහතා විද්‍යාලයේ ක්‍රිකට් සහ ا හොකී කණ්ඩායම් වලකැපී පෙනෙන ක්‍රීඩකයෙක් බව පැවසේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙක් වන ඒ මහතා නීතිඥ පවුලකින් පැවත එන සාමාජිකයෙකි ඔහුගේ පියා රත්නපුර හිටපු දිසා විනිසුරුවරයෙකු වූ අතර හිටපු අමාත්‍යජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ඔහුගේ දෙටු සොහොයුරාවේ.
ඔහුගේ වියෝවෙන් ශෝක වන්නන් අතර බිරිඳ සුරංගනී මාරපනගේ මහත්මිය පුතුණුවන් වන ජනාධිපති නීතිඥ නවීන් මාරපනගේ මහතා සහලේලිය වන නීතිඥ ලක්ෂරා මාරපනගේ මහත්මියද වේ.
ඒ මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද සවස 6.00ටසිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරි අවශ්‍යතා සඳහා එතුමා හමුවීමට අවස්ථා කීපයක්ම මා ගියෙමි... ඔහුගේ මානව හිතවාදී ගුණයට ගරුකරමි. නිවන්සුව අත්වේවා..!