(ඩයනා උදයංගනී සහ ළහිරු හර් ෂණ)
පින්නවල අලි අනාථාගාරයේ අලියකු පහරදීමෙන් එහි සේවය කළ හස්ති පාලකයකු අද (8) මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ තුෂාර මෙත්තානන්ද නැමති එහි සේවය කරන 42 හැවිරිදි අයෙකි. අලි අනාථාගාරයේ සිටි ‘ගැමුණු කණ්ඩුල’ නැමති වයස අවුරුදු 20ක් පමණ වන අලියාගේ පහරදීමකින් මෙම පුද්ගලයා මියගොස් ඇත.
ගැමුණු කණ්ඩුල බලාගන්නා හස්ති පාලකයා වන තුෂාර මෙත්තානන්ද මහතා අද (8) උදෑසන එම හස්තියා සිටි ස්ථානය පිරිසිඳු කරමින් සිටියදී මෙම පහරදීමට ලක්ව ඇත.
උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක පහරදීමෙන් එහි සේවකයකු ද ඊයේ (7) මියගොස් තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් ජනාධිපති උනා විතරයි රටේ අලි කරදර
අතුරුදන්ව සිටි අලි දැන් ඔලුව ඔසවන්න පටන් අරන්. හැබැයි තව ටික කාලයයි. කකුලුවන් දගලන්නෙ ජලය රත්වෙන තුරු පමනයි.
මේ අලි අනාථාගාරයේ ඉන්න අලි මොන තරම් මානසික පිඩනයකින් ඉන්නවද කියල මේකෙන් පැහැදිලි වෙනවා නේද.?