
(අංජුල මහික වීරරත්න)
ගම් වැදී වගා හානි කරන සියලු වන සතුන්ගේ සංගණනයක් ලබන 15 වැනිදා ලංකාව පුරා සියලු ග්‍රාමසේවා වසම් වල සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අදාල සංගණනය සඳහා රාජ්‍ය නිලධාරීන් පැමිණි පසු තමන්ගේ වත්තේ රිලව්,දඩුලේනුන් මොනරුන් ඇතුළු වන සතුන් කීයක් සිටියා දැයි විනාඩි පහක් ඇතුලත ඇතුළත ගණන් කොට නිලධාරීන්ට දැනුම් දිය යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අයිතිකරුවන් නැති ඉඩම් තිබේ නම් රජයේ නිලධාරීන් මගින් එම වතු වලද සංගණනය කරන බව සඳහන් කළේය.
විනාඩි පහක් වැනි නිශ්චිත කාලයක් අදාළ සංගණනය සඳහා යොදා ගන්නේ වන සතුන් වෙනත් වතු වලට පලා යෑමෙන් දෙවරක් ගණනය වීම වැලැක්වීම සඳහා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
අදාල සංගණනයෙන් පසුව වන සත්ව හානිය සඳහා යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන්නේ යැයිද කරුණාරත්න මහතා සඳහන් කළේය.
සතුන් වනය අතහැර මිනිස් වාසයට ආවේ ඇයිද යන ප්‍රශ්නයට විසැඳුමක් සෙවිය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට විසැඳුමක් නොසොයා වට වන්දනාවේ යෑමෙන් පලක් නොවන බව කීය.
වනාන්තර ඇතුලේ ප්‍රමාණවත් තරම් සතුන්ට ආහාර සහ ජලය තිබුණා නම් වන සතුන් ගම් වදින්නේ නැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම නිසා ඉදිරියේදී වනාන්තර පෝෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් වගාවට හානිකරන දෙපා සතුන් හා එම සතුන්ට කියලා පොල් ගෙන්වාගෙන ආහාරයට ගන්නා සතුනුත් ඔවුන්ගේ බඩු අඩුවට අරගෙන විකුණන සතුනුත් හොර පොල් ගඩබාකිරීමට පහසුකම් සපයන්නෝත් හොරෙන් පොල් කැඩුවාම ලැබෙන පැමිණිළි මත අත්අඩංගුවට පත්වුණොත් නීතිඥයින්ට ගෙවීමට මුදල් දී තමන්ගේ වගාව බේරාගන්නා උපාසකයෝත් ගැන ගණන් ගැනීමකුත් කර පොල්වගා හානි නවත්වනවා නම් ලොකුම උදව්වක් ඇමැතිතුමා..!
දැනුම් දීමයි ! බුරම්පිගේ සංගණනය පහසු කරවීම සඳහා වහාම ගං කබරයෝ 159ම 15 වෙනිදා, පැලවත්ත මූලස්ථානයට වාර්තා කරන්න. මීට ටින් ටින් මහලේනා...!
අමල් ඔබ සංගනනය වෙද්දී හරක් හැංගිලා ඉන්න .. ඔබ අපේ එකෙක්...
අම්මෝ අමල් ඔබ අපේ එකෙක්... අපි හැංගෙමු. අපේ අම්මාට ඔයාව මතකයිලු. බේරේ වැවේ නෑවා.. පස්සේ කෑවේ දුවද්දීනේ..!
කිසිදිනෙක මෙය කරනැති නිසා, අත් හදාබැලීමක් වශයෙන් මෙය කිරීම වැදගත්.
විසදුම් ලැබේවිද මේ වගේ අමන ඇමති සත්තු ඉන්න තුරු ....
ඉඩම් දෙක තුනක් තියෙන, අක්කර 10ක් 15ක් වගේ ලොකු ඉඩම් තියෙන අය කොහොමද විනාඩි 5න් ගනන් කරන්නේ? රිලවු රංචුවක් ඒ වගේ ඉඩමකට ආවම ගණන් කරන එක මරු ආතල් එකක් වෙයි. මීට වඩා ලේසී නැද්ද වන සතුන්ට පැලවත්ත කාර්‍යාලය ඇවිල්ල ලියාපදිංචි වෙන්න කිව්වනම්..
මේවා හදන ගොන් ඇමතියන්ගෙයි , උන්ට කකඩේ යන ජෙබයි වහල්ලුන්ගේයි මොලේ තමයි මොලේ .අපිට මුන් කොහොම මිස් උනද මන්ද."
බලන්නකෝ ඉතින් කොහොමද රිලව් ගනින්නේ කියලා .එක රිලවෙක් දැන්මම මෙහාට පැනලා අදහස් පල කරනවා
ඇමතිතුමෝ, සත්තු ගැනලා කරන්න ඉන්න දෙයින්ම පටන් ගත්තා නං හරි නේද ? ගාන දැනගත්තා කියලා වැඩි දෙයක් වෙන්නේ නෑනේ. එහෙම ගිහින් වෙන්නේ හත් පොලේ ගාගන්න එක විතරයි