IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ගම් වැදුණු සතුන් ගණන් කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

ගම් වැදී වගා හානි කරන සියලු වන සතුන්ගේ සංගණනයක් ලබන 15 වැනිදා ලංකාව පුරා සියලු ග්‍රාමසේවා වසම් වල සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

අදාල සංගණනය සඳහා රාජ්‍ය නිලධාරීන් පැමිණි පසු තමන්ගේ වත්තේ රිලව්,දඩුලේනුන් මොනරුන් ඇතුළු වන සතුන් කීයක් සිටියා දැයි විනාඩි පහක් ඇතුලත ඇතුළත ගණන් කොට නිලධාරීන්ට දැනුම් දිය යුතු බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අයිතිකරුවන් නැති ඉඩම් තිබේ නම් රජයේ නිලධාරීන් මගින් එම වතු වලද සංගණනය කරන බව සඳහන් කළේය.

විනාඩි පහක් වැනි නිශ්චිත කාලයක් අදාළ සංගණනය සඳහා යොදා ගන්නේ වන සතුන් වෙනත් වතු වලට පලා යෑමෙන් දෙවරක් ගණනය වීම වැලැක්වීම සඳහා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

අදාල සංගණනයෙන් පසුව වන සත්ව හානිය සඳහා යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කරන්නේ යැයිද කරුණාරත්න මහතා සඳහන් කළේය.

සතුන් වනය අතහැර මිනිස් වාසයට ආවේ ඇයිද යන ප්‍රශ්නයට විසැඳුමක් සෙවිය යුතු බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට විසැඳුමක් නොසොයා වට වන්දනාවේ යෑමෙන් පලක් නොවන බව කීය.

වනාන්තර ඇතුලේ ප්‍රමාණවත් තරම් සතුන්ට ආහාර සහ ජලය තිබුණා නම් වන සතුන් ගම් වදින්නේ නැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම නිසා ඉදිරියේදී වනාන්තර පෝෂණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව සඳහන් කළේය.

 



අදහස් (11)

ගම් වැදුණු සතුන් ගණන් කරන්න යයි

M. I. Indhunil Sunday, 02 March 2025 04:34 PM

පොල් වගාවට හානිකරන දෙපා සතුන් හා එම සතුන්ට කියලා පොල් ගෙන්වාගෙන ආහාරයට ගන්නා සතුනුත් ඔවුන්ගේ බඩු අඩුවට අරගෙන විකුණන සතුනුත් හොර පොල් ගඩබාකිරීමට පහසුකම් සපයන්නෝත් හොරෙන් පොල් කැඩුවාම ලැබෙන පැමිණිළි මත අත්අඩංගුවට පත්වුණොත් නීතිඥයින්ට ගෙවීමට මුදල් දී තමන්ගේ වගාව බේරාගන්නා උපාසකයෝත් ගැන ගණන් ගැනීමකුත් කර පොල්වගා හානි නවත්වනවා නම් ලොකුම උදව්වක් ඇමැතිතුමා..!

:       0       10

අමල් Sunday, 02 March 2025 05:07 PM

දැනුම් දීමයි ! බුරම්පිගේ සංගණනය පහසු කරවීම සඳහා වහාම ගං කබරයෝ 159ම 15 වෙනිදා, පැලවත්ත මූලස්ථානයට වාර්තා කරන්න. මීට ටින් ටින් මහලේනා...!

:       8       49

රිලවා Sunday, 02 March 2025 05:19 PM

අමල් ඔබ සංගනනය වෙද්දී හරක් හැංගිලා ඉන්න .. ඔබ අපේ එකෙක්...

:       30       8

අමල් Sunday, 02 March 2025 05:42 PM

ඔබගේ මවගේ අදහසත් මීට සමානයි !

:       4       24

රිලවුන් Sunday, 02 March 2025 06:14 PM

අම්මෝ අමල් ඔබ අපේ එකෙක්... අපි හැංගෙමු. අපේ අම්මාට ඔයාව මතකයිලු. බේරේ වැවේ නෑවා.. පස්සේ කෑවේ දුවද්දීනේ..!

:       23       4

Vidya Sunday, 02 March 2025 08:21 PM

කිසිදිනෙක මෙය කරනැති නිසා, අත් හදාබැලීමක් වශයෙන් මෙය කිරීම වැදගත්.

:       23       5

pj Monday, 03 March 2025 07:12 AM

විසදුම් ලැබේවිද මේ වගේ අමන ඇමති සත්තු ඉන්න තුරු ....

:       0       8

gamage Monday, 03 March 2025 08:26 AM

ඉඩම් දෙක තුනක් තියෙන, අක්කර 10ක් 15ක් වගේ ලොකු ඉඩම් තියෙන අය කොහොමද විනාඩි 5න් ගනන් කරන්නේ? රිලවු රංචුවක් ඒ වගේ ඉඩමකට ආවම ගණන් කරන එක මරු ආතල් එකක් වෙයි. මීට වඩා ලේසී නැද්ද වන සතුන්ට පැලවත්ත කාර්‍යාලය ඇවිල්ල ලියාපදිංචි වෙන්න කිව්වනම්..

:       0       15

Jothi Monday, 03 March 2025 02:45 PM

මේවා හදන ගොන් ඇමතියන්ගෙයි , උන්ට කකඩේ යන ජෙබයි වහල්ලුන්ගේයි මොලේ තමයි මොලේ .අපිට මුන් කොහොම මිස් උනද මන්ද."

:       0       1

Kamal Monday, 03 March 2025 02:48 PM

බලන්නකෝ ඉතින් කොහොමද රිලව් ගනින්නේ කියලා .එක රිලවෙක් දැන්මම මෙහාට පැනලා අදහස් පල කරනවා

:       1       1

සෙනරත් Monday, 03 March 2025 05:05 PM

ඇමතිතුමෝ, සත්තු ගැනලා කරන්න ඉන්න දෙයින්ම පටන් ගත්තා නං හරි නේද ? ගාන දැනගත්තා කියලා වැඩි දෙයක් වෙන්නේ නෑනේ. එහෙම ගිහින් වෙන්නේ හත් පොලේ ගාගන්න එක විතරයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site