(අංජුල මහික වීරරත්න)

ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කදුකර දශකය සහ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන් වලදී මහජන නියෝජිතයන්ගේ සහ ජනතා සහභාගීත්වය අනිවාර්ය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කදුකර දශකය සංවර්ධන වැඩසටහනේ යෝජනා ලබා ගැනීම මේ මස 29 වැනිදා වන විට අවසන් කරන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කළේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය පැවැත්විණි.