IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ගමේ බණ්ඩයියාට තියෙන නීතිය දේශපාලනඥයින්ට නැද්ද

(පුෂ්පකුමාර ජයරත්න )

පුරාවිද්‍යා ස්මාරක වලට සිදු කරන හානි සම්බන්ධයෙන් ගමේ අහිංසක බණ්ඩයියා වැනි පුංචි මිනිස්සුන්ට ක්ෂණිකව ක්‍රියාත්මක වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිය දේශපාලනඥයින් වැනි ලොකු මිනිස්සුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි කුරුණෑගලට වැඩම කළ ජාතික බොදුබල සේනා සංවිධානයේ කැඳවුම්කරු ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.

 කුරුණෑගල රාජධානියේ ඉපැරැණි රාජසභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ලට සිදු කර ඇති හානිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී  උන්වහන්සේ මේ ප්‍රශ්නය නැඟූහ.
 
 උතුරු  සහ නැගෙනහිර පළාත් වල තිබෙන බෞද්ධ පුරා වස්තු අන්‍යාගමිකයන් විසින් ඉවක් බවක් නැතිව ඩෝසර් කොට විනාශ කරත්දී ඒ ⁣විනාශයම දකුණේ බෞද්ධ දේශපාලනඥයින් විසින් සිදු කිරීම දැඩි සංවේගයට කරුණක් බවද ඥානසාර හිමියන් පැවසූහ.
 
කුරුණෑගල රාජසභා මණ්ඩපයට සිදු කළ හානියට වගකිවයුත්තන් පුරාවිද්‍යා පනතට අනුව අනිවාර්යයෙන් දඬුවම් ලබා දිය යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා තෙක් ජනතාව ජනාධිපතිවරයා දෙස බලා සිටින බවද උන්වහන්සේ සඳහන් කළහ.
 
මේ අවස්ථාවට උලපනේ සුමංගල , වනවාසී රාහුල , කුරුණෑගල ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධිකාරී ගිරිහාගම මුණිරතන , නියෝජ්‍ය ලේඛකාධිකාරී වීරපොකුණේ සුමංගල හිමිවරුන්ද සහභාගි වූහ.

 



අදහස් (9)

ගමේ බණ්ඩයියාට තියෙන නීතිය දේශපාලනඥයින්ට නැද්ද

kamani Sunday, 19 July 2020 07:17 AM

එයා කොහේ දඬුවම් දෙන්නද සහෝදරයාට..?

:       0       0

Perera Sunday, 19 July 2020 07:26 AM

ගමේ බණ්ඩයියා ආණ්ඩු පක්ෂේ දේශපාලකයෙක් වුනිත් ඔය නීති බලපාන්නේ නැහැ.

:       0       0

Rata Perata Sunday, 19 July 2020 07:41 AM

රටටම කට ඇරගෙන බලාගෙන ඉන්න තමයි වෙලා තියෙන්නේ.

:       0       0

Sachin Sunday, 19 July 2020 08:50 AM

නෝණ්ඩි වෙන්න බැරි නිසා ආවා ඉතින් පෙන්නන්න මම මේකටත් විරුද්ධයි කියලා..

:       0       0

Lion Sunday, 19 July 2020 09:58 AM

රාජපක්ෂලාට මේ රට අයිතියි. යුද්ධයෙන් දින්නා කියා මෙරට ඔවුන් අයිතිකරගෙන ඉවරයි. මොවුන්ගේ බලය විනාශ නොකළොත් ඔබටත් මටත් මේ රටේ ජීවත් වන්න වෙන්නේ වහලුන් ලෙසයි.

:       0       0

SL Sunday, 19 July 2020 11:16 AM

ජොනීට සහ ත්‍රිවීල් ඵලවපු 8 පාස් නගරාධිපතියාට ජයවේවා!! සිංහලයාට කවුරුවත් නෑ..

:       0       0

මෝ Sunday, 19 July 2020 11:53 AM

ඇති යන්තම් ඔබවහන්සේ හරි මෙතැනට වැඩියා. කෝ ඔය දේශප්‍රේමීන්, ජාතිකවාදීන් කියන සෙට් එක...? ජනතාවනි, මේ අපරාධයට සම්බන්ධ සියල්ලන්ටම මහ ඡන්දයේදී හොඳ පාඩමක් උගන්වන්න. දැන් මෙහෙමනං තුනෙන් දෙක දුන්නොත් රටටම කෙලවෙනවා අනිවා...

:       0       0

helaya Monday, 20 July 2020 06:50 AM

සීගිරිය කුරුටු ගී මැකූ දැරියට වසර 2ක සිරදඬුවම්, දේශපාලකයෝන්ට මොන දඬුවම්ද.

:       0       109

nuwan Tuesday, 21 July 2020 06:37 AM

ජනාධිපතිතුමා කොහොමද අගමැතිතුමාගේ ගෝලයෙක් කරපු දේකට දඬුවම් දෙන්නේ.? නිකන් විහිළු මේවා.

:       0       108

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site