
(අංජුල මහික වීරරත්න)
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එසේම ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් විය යුතු බවත්, කිහිප දෙනෙකු අතට කොන්ත්‍රාත් ලැබෙනවා වෙනුවට එහි ප්‍රතිලාභ ප්‍රාදේශීය සහ ග්‍රාමීය ජනතාවට ලැබෙන අයුරින් එම ව්‍යාපෘති සැලසුම් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසේ ඉදිකිරීම් සම්බන්ධව ද විශේෂ අවධානය යොමු කෙරිණි.
වරාය, ගුවන්තොටුපොළ, මහාමාර්ග සංවර්ධන කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කිරීමෙහි ලා ඉතා වැදගත් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ව්‍යාපෘති විධිමත්ව සැලසුම් කිරීමෙන් ජාතික ආර්ථිකය නඟා සිටු විය හැකි බව ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ග ලංකාවේ හැදෙන කොට ඒවා කන්නද කියලා ඇහුවා. දැන් රටක මාර්ග පද්ධතිය රටේ සංවර්ධනයට බලපාන වග කතා කරනවා. පොදුවේ කිසිම දේශපාලකයෙක් තම පටු වාසි තකා හරි දේවල් විවේචනය නොකළ යුතුයි.
අසාර්ථක වැව් දහසේ වැඩේ කරන්න හැදුවෙත් ඔය විදියටම තමා. ගමේ ජේවීපී හෙන්චයියන්ට වැඩේ පැවරුවා. උන් ඒක හෑවා. කරුණාකරල ටෙන්ඩර් කැඳවලා පළපුරුදු කොන්ත්‍රාත්කරුවන්ට වැඩේ බාරදෙන්න.
මුලින්ම පළාත් පාලන ආයතන මගින් සභාව සතු මාර්ග ලෙසට ගැසට් කළ සියලු මාර්ග සංවර්ධනය කරන්න. බොහොමයක් ඒවා මේ වනවිට අවහිර කිරීම් (අනවසර හා සභා නිළධාරි අතයට ගණුදෙනු කර සිදුකල අනවසර වැඩියි සභා කාර්‍යාලයේ කාර්‍යාල නිළධාරි වුනත් ඔවුන්ගේ අනවසර ඉදිකිරීම් කරගෙන තියෙනවා එහෙම අයට එම ප්‍රදේශයෙන් මාරුකර යවන්න ) නිසා ජනතාව දැඩිසේ පීඩාවට පත්වෙලා ඉන්නවා ඒවා නිරවුල් කිරීම අනිවාර්ය කරන්න නොකරන අයට උපරිමයෙන් දඩුවම් දෙන්න නීති සැකසීම කරන්න
අවශ්‍ය ඕනෑම කෙනෙකුට සහභාගිවෙන්න පුළුවන් ටෙන්ඩර් කැඳවීම කලයුතුයි ඒ වගේම අනෙක් ටෙන්ඩර් කරුවන්ට තර්ජනය කරල ටෙන්ඩර් ඩැහැගන්න ජාවාරම්කාර මැරයන්වත් පාලනය කල යුතුමයි. හිතමිත්‍ර ජාවාරම් වලට තිත වැටීගෙන එනකොට රිදෙන කට්ටිය දැන් කුමන්ත්‍රණ කරන්නත් බලයි.
ගමේ මාර්ග අවහිර කිරීම් හා පටුකර එයින් මුදල් ප්‍රතිලාභ පළාත් පාලන ආයතනවල ජනතා නියෝජිතයින් හා විශේෂයෙන් තාක්ෂණ නිලධාරි හා ආදායම් නිලධාරි බෙදාගෙන කනවා... ඊළඟට ඒවායේ සේවය කරන බොහෝ දෙනෙක් ඒවා අවට පදිංචි අය නිසා ඔවුනුත් ගසාගෙන කනවා සාමාන්‍ය ජනතාව හැමදාම අසරණව ඉන්නවා. මේවා බලන්න කෙනෙක් නැහැ.
ඔය නොකියා කියන්නෙ එයාලගේ ගමේ ජෙප්පන්ට සලකන ක්‍රමයක් හදන්න කියලා. මෙයාලාගේ සේරම අරන් දුන්නා, කොන්ඩේ කපපු, හිල් ජොක්කු අරන් දුන්නු අයට සලකන්න එපෑයැ..