(අංජුල මහික වීරරත්න)

ගංවතුරෙන් හානියට පත් කුඩා ඇළ වේළි පිළිසකර කිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ.

පසුගිය මහ කන්නයේ ධාරානිපාත වර්ෂාව නිසා ඇති වූ ගංවතුරෙන් කුඩා ඇළවේලි රැසක් විනාශ ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙම ඇළවේලි ප්‍රතිසංස්කරණ කටයුතු යල කන්නයේ වගා කටයුතු ඇරඹීමට පෙර අවසන් කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා වහා පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නේය.