IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගැබිනි මවුවරුන්ට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

(සුජිත් හේවාජුලිගේ )

අධික උණුසුම හේතුවෙන් ගැබිනි මවුවරුන් දහවල් කාලයේදි අව්වට නිරාවරණය නොවී  නිවෙසේම  කාලය ගත කිරීම වැදගත් බව  කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය.

ජලය ලීටර් දෙකක් පමණ ගත් ගර්භනී  මවක අධික උණුසුම හේතුවෙන් ජලය ලීටර් තුනක් හතරක්  ගැනීම වැදගත් බවත් එසේ නොකළහොත් විජලනයට පත්වී  විවිධ සංකූලතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් අධික සීතල වතුර  පාවිච්චි නොකළ යුතු බවද ලැනරෝල් මහතා කීවේය.

අධික උණුසුම හේතුවෙන් කපු ආශ්‍රිත ඇඳුම් හෝ ලිහිල්  ඇඳුම් ඇඳීමට වගබලා ගත යුතු බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ශරීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක39.2 ට වඩා වැඩිවුවහොත් තාප කම්පන තත්වයක්  පවා ඇතිවිය  හැකි බවද  ප්‍රකාශ කළේය.

අධික උණුසුම සමග ඇතිවිය හැකි පිපාසය, තෙහෙට්ටුව, කරකැවිල්ල, ක්ලාන්තය නොසලකා හැරියොත් සිහි මද ගතිය ඇතිවී තාප කම්පන තත්වයන්ට ගොදුරු විය  හැකි බවත් එවැනි තත්වයට පැමිණීම වළක්වා ගතහොත් ගුණාත්මක දරුවකු බිහි කර ගැනීමට එය පිටුවහලක් වනු ඇති බවත් සනත් ලැනරෝල් මහතා පෙන්වා දුන්නේය.



 

 



අදහස් (0)

ගැබිනි මවුවරුන්ට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site