IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි

(වන්නි රොමේෂ් මධූෂංඛ)

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වාර්තා වෙයි.

පසුගිය 17 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර අදාල ගැබිනි මව ප්‍රසව වේදනාව හේතුවෙන් නාගදීප මූලික රෝහලට ඇතුලත් වීමෙන් පසුව එහි වෛද්‍යවරුන් ගැබිනි මව යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යා යුතු බවට දැනුම් දී ඇත.

නාගදීපය සිට යාපනය ශික්ෂණ රෝහලට යාමට නම් නාගදීපය ජැටියේ සිට මුහුදු මාර්ගයෙන් කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා ගමන් යාපනය ශික්ෂණ රෝහලට යා යුතු වෙයි. එම අවස්ථාවේ දී ගිලන් වූ පුද්ගලයින් ප්‍රවාහනය කරනු ලබන ගිලන් මුහුදු යාත්‍රාව නොමැති වූ හෙයින් නාගදීපය වන්දනා කිරීම සඳහා යාත්‍රා කරනු ලබන මගී යාත්‍රාවක් වෙතට අදාල ගැබිනි මව ඇතුලත් කොට කූරිකඩ්ඩුවාන් ජැටිය වෙතට ගමන් කිරීමට පියවර ගෙන ඇත.‍

එහිදී ගැබිනි මාතාවට ප්‍රසව වේදනාව ඇතිව දරුවා ප්‍රසූත කිරීමට අවශ්‍ය බව පැවසීමේදී මගී යාත්‍රාවේ සිටි පිරිමි පුද්ගලයින් සියල්ල උඩුමහලට යවා කාන්තාවන් සියල්ල යාත්‍රාවේ යටි මහලේ සිට එම මවට දරුවා ප්‍රසූත කිරීමට සහය ලබාදීමෙන් පසුව දරුවා ප්‍රසූත කොට ඇත.

අනතුරුව බිළිඳා සමග මව කූරිකඩ්ඩුවාන ජැටිය වෙතට රැගෙන විත් ගිලන්රථයක් සමගින් යාපනය ශික්ෂණ රෝහලට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර මේ වන විට අදාළ දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවට ද යාපනය රෝහලේ වෛද්‍යවරුන් පවසා සිටියහ.



අදහස් (1)

ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි

ගැබිනි මව Saturday, 20 April 2024 11:08 AM

හොඳම ශීර්ෂයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site