
(රංජිත් රාජපක්ෂ)
නතර කර තිබු ලොරි රථයක් ගැබිනි මවක් සමඟ මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් ලොරි රථයේ ඉදිරිපස අසුනේ සිටි ගැබිනි මව තුවාල ලබා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
මෙම අනතුර සිදු වි ඇත්තේ අද (05) දහවල් හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මුලික රෝහල ආසන්නයේදිය.
ගැබිනි මව සායන කටයුතු සදහා ලොරි රථයෙන් ඇයගේ සැමියා විසින් රෝහල වෙත රැගෙනවිත් සායන කටයුතු අවසන් විමෙන් පසු ලොරි රථය නතර කර තිබු ස්ථානයට ගොස් එම මව ලොරි රථයේ අසුන් ගැනිමත් සමඟ ලොරි රථය රියදුරු නොමැතිව ඉදිරියට ධාවනය වි මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි ඇති බව නොර්වුඩ් පොලිසිය කියා සිටියේය.
රියදුරු ලොරි රථයේ අත් තිරිංගය ක්‍රියා නොකිරිම නිසා මෙම අනතුර සිදු වි ඇති බවත්පොලීසිය කිවේය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගැබිනි මව සමඟ ලොරිය අඩි 20ක් පහළට