(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

ගර්භණී මවක් රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක් පෙට්‍රල් නොමැතිව  මග නතර වී සිටිනු දැක කලවාන පොලිස් ස්ථානයේ නිලධාරිවරයකු සිය යතුරු පැදියෙන් තෙල් ඇද ලබා දීමට කටයුතු කළේය.

ගර්භණි මව රත්නපුර රෝහල වෙත රැගෙන යන අතර තුර ඉන්ධන නොමැති වීමෙන් මග නතර වී ඇත.

කලවාන පොලීසියට අනුයුක්තව කටයුතු කරන වසන්ත කුමාර නැමැති පොලිස් නිලධාරියා මෙලෙස ඉන්ධන ලබා දීමට කටයුතු කර තිබුණි.

නිල ඇදුමට මුවා වී විවිධ වැරදි සිදු කරන නිලධාරීන් හමුවේ මෙවැනි අවස්ථාවක ඉන්ධන ලබා දීම අගය කල කටයුත්තක් බව ප්‍රදේශවාසින් ප්‍රකාශ කළේය.