(ගයාන් සූරියආරච්චි)
බැංකු ගිණුම් 6 කින් අවස්ථා 16 කදී රුපියල් මිලියන 84 ක් වංචා කළ බව කියන සම්බන්ධයෙන් මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සහකාර කළමනාකාරිනියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකාරිය අවුරුදු 41 ක් වයසැති කිරිමැටියාව, ලුණුවිල ප්‍ර දේශයේ පදිංචිකාරිනියකි.
මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක කළමනාකරු විසින් ඉකුත් (1) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම බැංකු ශාඛාවේ සහකාර කළමනාකාරිනි අන්තර්ජාල බැංකු පහසුම යටතේ තම බැංකු ශාඛාවේ ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඇයගේ සැමියාගේ බැංකු ගිණුම් දෙකකට රුපියල් මිලියන 33 ක් සහ සැකකාරියගේ ගිණුමකට රුපියල් මිලියන 13 බැර කර ඇති බව අනාවරණයවී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය විසින් රුපියල් මිලියන 84 ක් පමණ වංචා කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණයවී තිබේ.
මෙම වංචා කළ මුදල්වලින් මිලියන 10 වැය කර සැකකාරිය සහ ඇයගේ සැමියා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සැලසුම් කර තිබූ බවත් පැමිණිල්ල ලැබීමට පෙර සැකකාරිය විසින් බැර කළ මුදල්වලින් ඇයගේ සැමියා ඕස්ට්‍රේලියාවට පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණයවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් ඇල්ලුවට දුක් වෙන්න එපා. ජනාධිපති වෙන්න සුදුසුකමක් ලැබුණා කියලා සතුටු වෙන්න...