(ජේ.කේ.එල්. චාමින්ද)
තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ගොනාපිනුවල මාජුවාන පවුල් 8කට අයත් පුද්ගලයින් 34 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බැව් තෙලිකඩ පොලිසිය පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවු හබරාදුව හිනටිගල පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයා ඉකුත් 05 වැනිදින ගොනාපිනුවල ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට පැමිණ ඇති බවද පොලිසිය පවසයි.
එදින රාත්‍රි නිවසේ ගතකොට 06 වැනිදින මොහු පිටත්ව ගොස් ඇත. එම නිවසේ අය හා සමීප ආශ්‍රිතයින් ඊයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බැව් පොලිසිය පවසයි.
මෙකී උපදේශක වරයා එම ප්‍රදේශයේ වෙළඳසැල් 2කට ගොස් භාණ්ඩ මිලදීගෙන ඇති බවද පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගොනාපිනුවල 34ක් ස්වයං-නිරෝධායනයේ