IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගන්නෝරුවෙන් සහල්පිටි වෙළෙඳ පොළට

(අංජුල මහික වීරරත්න)

ගන්නෝරුව කෘෂිකර්ම පුහුණු ආයතනයේ සහල් පිටි සැකසුම් කර්මාන්ත ශාලාව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතට ගෙන නිෂ්පාදන ඇරඹීම අද ඇරැඹිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් මෙම කර්මාන්ත ශාලාව විවෘත වූ අතර මෙහි නිෂ්පාදනය කෙරෙන සහල් පිටි සැකසුම් නිෂ්පාදන අලෙවිය හා බෙදාහැරීම හේලීස් සමාගමේ දායකත්වයෙන් රටපුරා සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ වෙලඳසැල් මගින්ද මෙහි නිෂ්පාදිත සහල් පිටි බෙදාහරින බව ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා සඳහන් කළේය.

ගන්නෝරුව සහල් සැකසුම් මධ්‍යස්ථානයේ නිෂ්පාදිත සහල් පිටි මෙහිදී අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් සකස් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව පෝෂ්‍යදායි ගුණයෙන් අනූන මුරුංගා කොළ, නිල් කට්‍ රොල්, සහ කරපිංචා කොළ යොදා සහල් පිටි සකස් කෙරේ.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහල් පිටි සැකසීම මුලුමනින්ම දේශීය සහල් යොදා සිදු කරන බවත්, ඒ සඳහා වී අලෙවි මණ්ඩලයේ වී යොදා ගන්නා බවත්ය.

මෙවර මහ කන්නය අතිශයින් සාර්ථක කර ගැනීම සඳහා සියලු පියවර ගන්නා බවත්, ලබන වසර මේ රට සලින් ස්වයංපෝෂිත කර සහල් ආනයනය මුලුමනින්ම නතර කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (3)

ගන්නෝරුවෙන් සහල්පිටි වෙළෙඳ පොළට

Prase Sunday, 25 September 2022 11:30 AM

ඔවා තමයි වෙන්න ඕනෑ ඇමැතිතුමා. මෙම ආයතනය 100%ක් රාජ්‍ය ආයතනයක් විදිහට පවත්වාගෙන යන්න එපා. එහෙම වුණොත් රාජ්‍ය සේවකයෝ ඕක බංකොළොත් කරනවා. අවුරුදු 2ක් වැඩ නොකර පඩිය අරගෙන ගෙදරට වෙලා බුදියගෙන 51% රජය සතුකරගෙන 49% පුද්ගලික අංශයට දෙන්න ඕනෑ. එහෙම වුණානම් වෘත්තීය සමිති නෑ.. දේශපාලකයින්ට ඕනෑ විදිහට සේවකයෝ දාන්න බෑ. හොරාකන්නත් බෑ. නිකන් ඉඳලා පඩිගන්නත් බෑ. වෙනස් අපිට ඕනේ වෙනස් ජනතාවක්...

:       0       23

bandara herath Sunday, 25 September 2022 01:47 PM

කාටද ආඩම්බර...? නියමයි. ඔහොම යමු. අරගල කාරයිනුත් එක්වෙයි. මේවා තමයි කරන්න ඕනෑ. ජයවේවා...! සියරට දේ සිරි සැපදේ. පුළුවන් නම් අපනයනය කරන්න. පිටරටවල අපේ ශ්‍රී ලාංකිකයිනුත් ඇතිතරම් මිලදී ගනීවි. සත්තයි.

:       2       13

Kumar (Gulf) Sunday, 25 September 2022 03:20 PM

All fake show off, may be the production cost is more than the sales price, after get publicity this will go like a failed organization and after few months dogs will start sleeping in the same building.

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 349 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site