
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය තලාව ප්‍රදේශයේ නිවෙසක අද (20) අලුයම ඇති වූ ගින්නකින් නිවාසය සම්පූර්ණයෙන්ම විනාශවී , නිවෙස් හිමියාද ගින්නට හසුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය තලාව අලිකෑහේන පාරේ පදිංචිව සිටි පන්සල්වත්තේ ගෙදර සුජිත් සමන්ත දිසානායක හෙවත් ජනක නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහුපෙදරේරුවකු වශයෙන් රැකියාව කර ඇති බවද පොලිසිය කියයි.
අද අලුුයම 3.30 ට පමණ මෙම නිවසේ අඹුසැමියන් අතර ආරවුලක් ඇතිවී ඇති බවත් බීමත්ව සිටි නිවෙස් හිමියා පොරවක් ගෙන බිරිඳට හා දරුවන්ට පහරදීමට උත්සාහ දරා ඇති බවත් එවිට දරුවන් හා බිරිඳ නිවෙසින් පළාගොස් අසල නිවෙසක සැඟවී දිවි බේරාගෙන සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවූ බව පොලිසිය කියයි.
පසුව නිවෙසට ගිනි ඇවිලී ඇති බවත් නිවෙස දෙසින් විළාප නගන හඬක් ඇසී ඇති බවත් පොලිසිය කියයි. මෙම ගින්න නිවාදැම්මට නොහැකිවී ඇති අතර නිවසේ ඉදිරිපස කාමරයක පිළිස්සි ගිය මළසිරුරක් ඇති අතර එය නිවෙස් හිමියාගේ විය හැකි බවට පොලිසිය විශ්වාස කරයි. ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්නට හසු වු දෙදරු පියා මරුට