(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ නගරයේ වෙළෙඳ සැල් දෙකක් අද (16) අලුයම ගිනිගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශව ගොස් ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත්තේ මිරිස්කුඩු මෝලක් පවත්වාගෙන ගිය වෙළෙඳ සැලක් හා මිශ්‍ර භාණ්ඩ වෙළෙඳ සැලක් බවත් මිශ්‍ර භාණ්ඩ වෙළෙඳසල ගිනි ගන්නාවිට භාණ්ඩ නොමැතිව හිස්ව පැවැත බව පොලීසිය පවසයි.
මෙම ගිනි ගැනීමෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර මිරිස් කුඩු මෝල පවත්වාගෙන ගිය වෙළෙඳ සැලේ භාණ්ඩ සම්පුර්ණයෙන්ම පිලිස්සී විනාශයට පත්ව ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd