(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගිනිගත් රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවේ ගිනිගත් එක් ගබඩාවක් සදහා අවශ්‍ය පාරිසරික බලපත්‍රය ලබා ගෙන නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් වීරසුන්දර මහතා පවසයි.
එසේම අදාල රසායනික ද්‍රව්‍ය කම්හලේ ඇති වූ ගින්න නිසාවෙන් ප්‍රදේශයේ වායු ගෝලයට යම් බලපෑමක් විය හැකි බැවින් එම කර්මාන්ත ශාලාව ආසන්නයේ ජීවත්වන ජනතාව මුව ආවරණ පළදින ලෙස ද මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි .
ඇති වූ ගින්නත් සමග රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වීම නිසාවෙන් අදාල කර්මාන්ත ශාලාව අවට විදුලි රැහැන් සහ බිත්තිවල එම රසායනික අපද්‍රව්‍ය බැදී තිබුණ ආකාරය දැක ගත හැකි විය අතර එම අපද්‍රව්‍ය ඉවත් කර විදුලි රැහැන් පිරිසිදු කිරීමට විදුලි බල මණ්ඩලයේ සේවකයන් කටයුතු කළ ආකාරය දක්නට ලැබුණි.
ගින්නට හේතුව නිශ්චිත වශයෙන් මෙතෙක් හදුනා ගෙන නොමැති අතර ගින්න මැඩ පැවැත්වීම සදහා හොරණ නගර සභා දෙහිවල සහ කෝට්ටේ මහ නගර සභා ගිනි කිවන රථ දහයක් පමණ එම ස්ථානයට රැගෙන විත් තිබුණි.
ගින්නන් අදාල කර්මාන්ත ශාලාවට සිදු වූ අලාභය මෙතෙක් ගණනය කර නොමැති අතර ගිනි ගත් කර්මාන්ත ශාලාව අවට තිබෙන කර්මාන්ත ශාලා හතරකට ද සුළු අලාභහානි සිදුව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගිනිගත් කර්මාන්ත ශාලාව අවට පදිංචිකරුවන් අවදානමක