
(අංජුල මහික වීරරත්න)
සෙවනගල උක් ගොවීන්ගේ උක් මිලදී ගැනීමේ ගැටළුවට විසඳුමක් ලෙස මෙම කන්නයේදී අමු උක් මෙට්‍රික් ටොන් එකක් සදහා රුපියල් 9000 ක් හා ගිනි ගත් උක් මෙට්‍රික් ටොන් එකක් සඳහා රුපියල් 5000 මුදලක් ගෙවීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අමාත්‍යංශයේ ඊයේ (3)පැවති මාධ්‍ය හමුවකදීය.
" ලංකා සීනි සමාගමට උක් සැපයීම නවත්වන්න උක් ගොවීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණයක් ගෙන තිබෙන බවට ප්‍රකාශයක් අප දුටුවා.ගිනිතැබූ උක් මෙට්‍රික් ටොන් 14 000 සීනි සමාගම මිලදී ගන්න තුරු කිසිදු ගොවියෙක් ලංකා සීනි සමාගමට උක් සපයන්නේ නොමැති බව පවසා තිබුණා.
ෙලංකා සීනි සමාගම පවතින්නේ උක් සැපයීම මතයි. සීනි සහ එතනෝල් නිෂ්පාදනය සිදු කරන්නේ උක් වලින්. ගොවියා උක් සපයන්නේ නැත්නම් සමාගමේ නිෂ්පාදන කටයුතු සිදුකිරීමේ හැකියාවක් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉට් ඉස් අ බිග් කුවෙස්චන්!!
රට හරි අතකට ගේන්න රජය කරන මහන්සියත්, ජනතාවගේ (කිහිප දෙනෙකු හැර) උනන්දුවත් දැක්කාම, මේ ගොවියන්ගේ ක්‍රියාකලාපය ගැන කලකිරෙනවා.
දැනට උක් මිලදී ගන්නේ 10,000ට ලු. මෙයා කරන්න හදන්නේ දැන් ඒ ගන්න ගාන 9000 කරලා ඒ ගන්න රුපියල් 1000 ලාභෙන් 5000ගෙවන්න. එතනත් ගොවියාව හූරන් කන්න බලන්නේ.
කොහොමද මේ වෙලාවේ මෙයාලා විපක්ශේ හිටියා නම්. ගිනි තිබ්බේ ආණ්ඩුවෙන් කියලා බලාගෙන හිටියා වගේ කියලා ගොන් ගොයියො ටිකත් එක්ක කොනක ඉඳලා උක් ගස් කොලත් එක්කම කාවි. ඊට පස්සේ ටවුමට ගම් 10ක සෙනඟ එක්ක ඇවිත් පඹයො පුච්චලා හොටු පෙරාගෙන අඬලා කරන සීන් එක මැවිලා පේනවා.
පහුගිය කාලේ උපරිම ලාභ ලබල ගොවියන්ටත් ලාභාංශ බෙදපු උක් කම්හල්. දැන් පාඩු පිට පාඩු. මොනරාගල ගොවියො ආයෙ වතාවක් වැරදි තීරණයක් ගන්නේ නෑ.
ඔව් ඉතින් උක් ගොවියෝ උද්ගෝෂණ කරලා , කර්මාන්ත ශාලාවේ නිලධාරී හොරකම් කරලා සිදුවෙන පාඩුව පියව ගන්න පිටරටින් ගෙන්වන සිනි වලට අලුත් බද්දක් ගහමු , රටේ බදු ගෙවන ජනතාව ඉන්නවනේ හැමෝගෙම පව් කර ගහන්න .
උක් ගිනි තැබුවාට බස් , ට්‍රාන්ස්ෆෝමර් එහෙම ගිනි තියන්න යන්න එපා
මේකේ ප්‍රතිචාර බැලුවාම සෑහෙන්න මාලිමා ඩෝබිලා...