IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගිනි අවිය ගුවන් යානය පැය හතරක් ප්‍රමාද කරයි

(ටී.කේ.ජී.කපිල)

කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා ( Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය  සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී ,කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ ප්‍රමාද වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

සෑම ගුවන් යානයකම මෙවැනි ආරක්ෂක නිලධාරීවරයකු ගුවන් යානයේ ,මගීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ ආරක්ෂාව පිණිස යොදවා තිබේ.

එහිදී එම ආරක්ෂක නිලධාරීවරයාට ,සිය ගිනි අවිය ගුවන් යානයෙන් පිටතට ගෙන යාම සපුරා තහනම් වන අතර,එම ආරක්ෂක නිලධාරීවරයාට ගුවන් යානයෙන් පිටතට යාමට අවශ්‍ය නම් , එම ගිනි අවිය ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වෙත භාර දිය යුතුය.

මෙසේ මෙම ඉන්දීය ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා, ඉන්දියාවේ විශේෂ කාර්යය බළකායේ නිලධාරීවරයකු වන අතර , ඔහු සිය ගිනි අවිය ද රැගෙන, මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික මගී පර්යන්තය වෙත පැමිණ තිබේ.

එසේ පැමිණි ඔවුන් ආපසු යමින් සිටියදී,  ගුවන් යානා ආරක්ෂක නිලධාරීවරයා සන්තකයෙහි පැවති ගිනි අවිය, කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීවරයකු දැක ඒ බව ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දැනුවත් කර , මෙම ඉන්දීය ආරක්ෂක නිලධාරීවරයා , කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ .

මේ ආකාරයට ගිනි අවියක් සහිතව ගුවන් තොටුපළ තුළ දී අත් අඩංගුවට පත් වුවහොත් , ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සිදු කළ යුතු අතර , මෙයට සමගාමී සිදුවීම් කීපයක්ම ඇමෙරිකානු සහ රුසියානු ජාතිකයන් සම්බන්ධයෙන් පසුගිය මාසවල කටුනායක ගුවන් තොටුපළ තුළ දී ඇති වී තිබූ අතර , ඔවුන් සියලු දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි .

පසුව මෙම සිද්ධියට දෙරටේ උසස් ආරක්ෂක ප්‍රධානීන් සහ තානාපති කාර්යාල මැදිහත් වීමෙන් මෙම ප්‍රශ්නය දුර දිග නොයවා විසදා ගැනීමට කටයුතු කර තිබුණි .

 



අදහස් (2)

ගිනි අවිය ගුවන් යානය පැය හතරක් ප්‍රමාද කරයි

Saman Sunday, 07 May 2023 12:38 PM

උසස් නිලධාරීන් රටේ නීතිය කඩකිරීමට කටයුතු කර ඇත. නීතිය නීතියම මිසක උසස් නිලධාරීන්ගේ අවශ්‍යතා නොවේ...

:       1       44

පැරකුම්Sunday, 07 May 2023 02:17 PM

සමන්: අන්තර් ජාතික සබදතා සහ සහයෝගිතාවය වෙනුවෙන් නීතිය නැමියහැකි සහ නැමියයුතු බව ඔබ නොදන්නවා විය නොහැක.

:       26       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 510 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site