
(ලක්මි කුඩලිගම)
විදේශීය රටක නිෂ්පාදිත අනවසර ගිණි අවියක් සහ ගිනි අවියකට යොදන විදෙස් රටකම නිෂ්පාදනය කළ ගිනි අවි බටයක් රහසිගතව තම සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
සැකකරු වයස අවුරුදු හැටක් පමණ වන පුද්ගලයකු බවද පොලිසිය පවසයි .
බුලත්සිංහල පොලිසියට ලද තොරතුරක් මත ඈගල්ඔය දිවලකඩ ප්‍රදේශයේ දී මෙම පුද්ගලයා සහ ඔහු සන්තකයේ තිබූ බෝර දොළහේ ගිණි අවියක් සහ ගිනි අවියටකට යොදන බෝර දාසයේ බටයක් අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරු මෙම ගිනි අවිය කුමක් සඳහා භාවිත කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි අවි කොටස් වල අංක මකා දමා ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරික්ෂක රණවක, පොලිස් සැරයන්2 (9643) අශෝක, (60040) අනුරුද්ධික, පො.කො.(86849) ප්‍රදීප් (95182) චමින්ද සහ (102356) ලක්ෂාන් යන නිලධාරින් මෙම පිළිබඳව පරික්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවි සමග අයෙක් මාට්ටු
Chathuranga Sunday, 18 June 2023 09:24 AM
අවුරුදු ගාණක යුද්ධයක් තිබිලා ඉවර වුණු රටක එක් නීති විරෝධී අවියක් අල්ලාගෙන හරි උජාරුවෙන් මාධ්‍යය සංදර්ශන තියෙන පොලිසිය ගැන හරිම කණගාටුයි. රජයේ හමුදාවන්ට අයත් ගිනිඅවි දහස් ගාණක් වංචා කරපු, ඒ වාගෙම කෝටි ගණන් ආදායම් උපයපු තක්කඩි ව්‍යාපාරිකයින් සහ ඔවුන්ට සම්බන්ධ දූෂිත දේශපාලුවන් අදටත් නිදැල්ලේ.. ඒ ගැන කිසිම පියවරක් ගන්න නීතිය රකින අයට අදටත් පුළුවන් වෙලා නෑ..