
(වසන්ත චන්ද්‍රපාල)
මෙරට නිෂ්පාදිත අවි නිෂ්පාදනය කරන ස්ථානයක් සමග පුද්ගලයන් තිදෙනෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන් වීසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන් තිරුක්කෝවිල් පොලිස් වසමේ විනයාගපුරම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධී ගිනි අවි නිශ්පාදනය කරමින් සිටි පුද්ගලයකු, ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු හා අවි නිශ්පාදනය කිරීම සඳහා ආධාර අනුබල දෙමින් සිටි පුද්ගලයකු මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු 01 ක්, වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක නිශ්පාදනයට ගන්නා යකඩ බට 03 ක්, යකඩ කැපීම සඳහා භාවිතා කරන පවර් ෂෝ යන්ත්‍ර 01 ක් හා යකඩ පෑස්සීම සඳහා යොදා ගන්නා වෑල්ඩින් ප්ලාන්ට් යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් වයස අවුරුදු 34,42,54 පසුවන තිරුක්කෝවිල් හා කන්චිකුඩිච්චිආරු යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටි නැගිටිනවා. ඡන්දයක් ළඟයි...!
දඩුවම් දෙන එක නීත්‍යානුකූලව හරි, නමුත් ඔවුනිගේ හැකියාවෙන්, බුද්ධියෙන් ප්‍රයෝජන ගත යුතුයි .රටට ඩොලර් ඉතිරි කර ගන්න පුලුවන්