
(අංජුල මහික වීරරත්න)
රනිල් ගෙදර යන්නැ යි කියා පෙළපාළි ගියාට තමාට යන්නට ගෙදරක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කියා පෙළපාළි යාමෙන් පලක් නොවන හෙයින් කරුණාකර එවැනි දේ කර කාලය නාස්ති නොකරන ලෙස ද ජනාධිපතිවරයා කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සහ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්,හිටපු පළාත් පාලන නියෝජිතයන් හා ආසන සංවිධායකවරුන් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
මහනුවර ජනාධිපති මන්දිරයේ දී මේ රැස්වීම පැවැත්විණි.
"ඔයගොල්ලො ලෑස්ති නම් විශාල සෙනඟක් ගේන්න.මාස හයක් ඇතුළත මගේ ගෙදර හදලා දෙන්න.එහෙම ගෙදර හදලා මම එහි පදිංචියට ගියාට පස්සේ ඇවිත් රනිල් ගෙදර යන්න කියලා කියන්න.ගම හදන්න. නැත්නම් මගේ ගෙදර හදන්න. ඒ දෙකින් එකක් කරන්න .එහෙම නැතිව රනිල් ගෙදර යන්න කියන්න එපා"යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් නැති අයට යන්න තමයි නේවාසිකාගාර හදලා තියෙන්නේ...!
ඔයට කවුරුත් යන්න කිව්වද? වැඩ කරන්න බැරිනම් යන්න වෙයි
හනුමන්තා වරම ආරූඪ කරගෙන ගෙවල් හෝටල් 80ක් ගිනි තිබ්බ අයට කියන්න ඔබේ ගෙදර වගේම අනිත් ගෙවලුත් හදන්න කියලා. එහෙම නැතුව මහජන මුදල්වලින් නෙමෙයි. එතකොට එයාලට තේරෙයි. කොහොමත් ඒ ගොල්ලෝ කරුමෙකටවත් බලේට ආවොත් හාර පන්සීයක්වත් මිනිස්සු මරලා, ගෙවල් 1000ක් වත් ගිනි තියාවී.
රනිල්ගෙන් ඉල්ලීම් කරන එක කාලය නාස්ති කිරීමක්. කවුරුත් කියපු දෙයක් කවදාවත් අහලා නෑ.
ජාතික සංවර්ධන පෙරමුණට පමණයි ලංකාව ඉක්මණින් දියුණු කර සංවර්ධනය කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තියෙන්නේ.
මහළු නිවාසයකට යන්න. නිකම් බයිලා කියන්න එපා. දැන් මිනිස්සු ඔහෙලා වගේ පිස්සො නෙවෙයි.
ඒ වුණාට නිවස හොඳ වැඩි නැද්ද?
ගෙදරක් නැහැ කියන මිනිහ පහු ගිය ජනාදිපති තොරණ චන්දෙදි කොටි ගණන් වියදම් කරල පාර්ලිමේන්තුවේ මතිර්ලව අල්ල ගත්ත කියල නම් අපිට ආරංචි
ඔයාට නැතිවුණේ ගේ විතරයි. ඔයාලා අසරණ මහජනතාවගේ රටම නැතිකළා.
හරි පුළුවන්නම් ඔය කියන ගේ අරගෙන ඔබතුමා සහ ඔබේ බිරිඳ සතු, මෙරට සහ පිටරට ඇති සියලු වත්කම් හෙළිකරන්න.
රටේ තියෙන දැවැන්ත ප්‍රශ්නවලටත් තියෙන්නේ මෝඩ උත්තර තමයි. ඒවා අහලා අන්තර්ජාතික ප්‍රජාව, ලෝක බැංකුව හොඳින් තේරුම් ගන්නවා අපේ රටට කිසි ආර්ථික හෝ දේශපාලන වැඩ පිළිවෙළක් නැහැ කියලා. ජනාධිපති කෙනෙක් වුණාම ඔයවගේ කතා කියන්න කළින් හොඳින් හිතන්න ඕනෑ.
මැරෙනකල් ඉන්නද ආවේ?
මහළු නිවාසයක් හොයා ගන්න බැරිද ?
ලොකේ තියෙන ලොකුම විහිලු කතාව. කොලබ අවට. සැප පහසුකම් ඇතිව හඩලා තියෙන ගෙවල්. කාට ඉන්නද. ජනතවටද ජනඩිපති කියන කට්‍යිය. හොරා කනව බ්දිවට විශ්‍රම ගියාමත් ඉන්නෙ කොලොබ හතේ. ඔබත් ඒ වගෙ තැනකට යන්න. අවුරුදු 100ක් ජිවත් වෙන්නෙ නැහැ නෙ. වැඩිම වුනොත් තව 10. එකත් ශුවර් නැහැ. ජනතව කෝපවුනොත්. මහින්ද ගෙ. පරම්පරව බේර ගන්න බනෙ අවෙ. ජනතව ට වැඩක් කරන්න නෙමෙනෙ ඉතින් අයින් වෙන්න. මෙ රට කරන උන් වයසට ගියෙ. කොන්ඩ ඉදුනෙ රට දියුනු කරන හටි කල්පනා කරලද. නැහැ නෙ මොලගෙඩි. නම්. තවමත් අලුත උපන් උන් වගේ වැඩිලා නැ හැ. යකෝ යුද්දෙ කාලෙවත් මෙ වගෙ දුක් වින්දෙ නැහැ. උබලට් හොරා කන්න තිබුනෙ එ කලේ. එහෙනම් යන්න ඔනා තැනට යවලා ඉවරයි කට්ටියම යන්නම තැනක් නැත්නම්. මම දෙන්නම් නිවසක්. මැරෙනතුරු ඉන්න. රට ගිනි තියන්නෙ නැතිව. අයින් වෙන්න. මහා දවල්. බැන්කු. මුදල් හොරකම් කෙරුවෙ. කෝටි ගනන්. යලුවොත් එක්ක. බැන්කු හොරා ඉන්නෙ සින්ගප්පුරුවෙ නෙද. එහෙට යන්න. ගෝටා ඉන්නෙත් එහෙනෙ.
ජනාධිපති තුමනි , විහිලු කාරයෙක් නොවන්න. වගකීමක් ගන්න
අදටත් බොහොමක් අය පාර වල් වල සොහොන් පොළ වල පවා ජීවත් වෙයි . පිරිසිදු වතුර ටිකක් නැති මිනිය ගෙනියන්න පාරක් නැති දරුවා පාසලට ගගෙන් එගොඩ වෙලා යන්න පාලමක් නැති පාසලට ගියාට ගුරු වරු නැති . ඒ තත්වයට මේ රට හැද දැමුවේ මොවුන්; නොවේද උන්ට යන්න ගෙවල් ඕනේ තරම් අපෙ රටේ මිනිසුන්ටයි යන්නට තැනක් නැත්තේ ඔවුන් අන්ත අසරණයි, තවත් අපි මොවුන් කියන දේවල් විස්වාස කල යුතුද? මෝඩයින් ඉන්න රටේ බුරුවන් රජ වෙයි තවත් මේ රටේ මොවුන් විස්වාස කරන මෝඩයින් නැත.
ගෙයක් නැත්තං මහලු මඩමකට යන්න ප්ලීස් අපේ රට ඉතුරු කරලා. පෙන්ෂන් එක තියෙනවනෙ.
රුපියල රුපියල සමස්ත ජනතාවගෙන් එකතු කරලා ගේ හදාදීලා ගෙදර යන්න කියමු ජනමතයක් ඇති නායකයෙකුට රට බාර දෙමු...
ඔය උදාන වාක්‍යය කියන්න කට හදාගෙනම නේද වැඩේ කළේ? මිරිහානෙ බස් එක පිච්චුව එකේ දෙවෙනි අසාර්ථක පිටපත තමයි ඔය ගෙට ගිනි තැබීම. ගිනි නිවන හමුදාව අත ළඟ තිබියදී ඇයි නිවන්න ආවෙ නැත්තේ කියලා පරීක්ෂණයක් කරන්නේ නැත්තේ ඇයි..?
ඕක මේ ලෝකයේ තියන පෙරමුණක්ද?
මෙයා තැබූ ලෝක වාර්තා, 6 වරක් අගමැති වීම, චන්ද 134 කින් ජනාදිපති වීම. ගෙයක් දොරක් නැති ලොකයේ දුප්පත්ම ජනාදිපති වීම
මේ මිනිස්සු හදයිද රට...?
අඬ අඬා ඉන්නේ නැතුව ගෙයක් හදා ගත්තොත් නරකද?
ගෙදර යන්න කියන්නේ ජනාධිපති කමෙන් අස්වෙන්න කියන එකවත් තේරෙන්නේ නැද්ද?
ජනාධිපති අගමැතිට ගෙදර යන්න කියන්නේ තමන්ට කියා ගෙදරක් නැති අය...