
(ගයාන් සූරියආරච්චි)
බීමතින් නිවෙසට පැමිණ බිරියට පහරදෙමින් අසල්වැසියන් නිතර පීඩාවට පත්කළ බව කියන මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ වැඩ තහනම් කර ඇති බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මැදවච්චිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයක කරමින් සිටියදී උතුරුමැද දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත ඉකුත් මස 28 වැනිදා සිට විලච්චිය පොලිස් ස්ථානයට ස්ථානමාරුවීම ලබාදී තිබුණි.
කෙසේ වෙතත් එම කොස්තාපල්වරයා ස්ථාන මාරු නියෝග පිළිනොපැද ඇති බව පොලිසිය පවසයි.
එම කොස්තාපල්වරයා බීමතින් පැමිණ නිතර නිතර ඔහුගේ බිරියට පහරදී නිවෙසියන්ට පීඩාකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.
එම කොස්තාල්වරයාට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් මත ගලෙන්බිදුණුවැව පොලිසියේ නිලධාරීන් පිරිසක් එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත ඇති බව පොලිසිය පවසයි.
ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත අනුව එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබූ අතර එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත කොස්තාපල්වරයාගේ වැඩතහනමට ලක් කර ඇත.
අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජේ.පී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1061
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙදර භීෂණය ඇති කළ කොස්තාපල් පොලිසියෙන් පන්නයි