IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගෙදර ගිය ගුරුවරුන් බඳවා ගන්න යයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විශ්‍රාම ගිය සහ සේවය හැර ගිය ගුරුවරුන් පළාත් පාසල්වලට බඳවා ගැනීමට  කැබිනට් අනුමැතිය  ලබා ගන්නා  බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ වසරට වෙන්කළ මුදල් පළාත් සභාවල පවතින හෙයින් ඒ පිරිස බඳවා ගත හැකි බව පැවසූ අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව පළාත් සභාවලට දැනුම්දෙන බවද සඳහන් කළේය.

මෙලෙස  බඳවාගැනීම් කළහොත් ගුරු ඌනතාවය යම් ප්‍රමාණයකට මගහරවා ගත හැකි වනු ඇතැයිද  අමාත්‍යවරයා කීවේය.

මේ සියලු දෙනා බඳවාගත් පසුද තවත් 26000ක පුරප්පාඩු  බව පැවසූ  සුසිල් ප්‍රේමජයන්ත මහතා අධිකරණ නියෝගය නොතිබුණේ නම් සියලු දෙනා බඳවාගෙන අවසන් කළ හැකිව තිබූ බවද  ප්‍රකාශ කළේය.



අදහස් (9)

ගෙදර ගිය ගුරුවරුන් බඳවා ගන්න යයි

ස්ටාලින් Friday, 11 August 2023 04:26 PM

ගෙදර එලවපු ඔබලා වගේ අය යන්නැති නිසා තමයි නිදහසේ ගෙදර ගියපු මිනිස්සුන්ටත් එන්න වෙලා තියෙන්නේ...!

:       0       0

චින්තක Friday, 11 August 2023 05:18 PM

සේවය හැරයාම කියන්නේ වගකීමක්... පැවරීමට නුසුදුසු කමක් කියලා මතක් කරන්න අවශ්‍ය නැහැ. එනිසා විශ්‍රාමගිය අය බඳවා ගත්තාට සේවය හැරගිය අයට අවස්ථාව දීම සුදුසු නැහැ...

:       0       0

Prase Friday, 11 August 2023 05:54 PM

ගොන් වැඩ, රට රැකියා නැති උපාධිධාරීන් කුලී වැඩ කරනවා. පෙන්ෂන් ගිය අය සේවයට හොයන්න ඇමැති කෙනෙක්...

:       0       0

ජයන්ත ප්‍රේමලාල් Friday, 11 August 2023 06:01 PM

ආර්තික ගැටලු තිබෙන මේ වෙලාවේ මේක කොච්චර සහනයක්ද? දෙපැත්තටම...

:       0       0

H K Yasiru Hasaranga Friday, 11 August 2023 07:03 PM

19/20 විද්‍යාපීඨ සිසුන් බඳවා ගැනීම වසර 5ක් ප්‍රමාදයි... ඉතින් පුරප්පාඩු පිරෙන්නේ කොහොමද? බඳවා ගැනීම් කඩිනම් කරන්න...

:       0       0

gunda Friday, 11 August 2023 08:42 PM

ඇමැතිතුමා, අමුඩෙ තියනවා කියලා සරම ගලවලා දාන්න එපා... අනවශ්‍ය ගුරුවරුන් රාශියක් දුවන්නම් වාලේ ගුරුකමට බඳවාගෙන ඔවුන්ගෙන් නියමිත ආකාරයට වැඩ කරවා ගැනීමට නොහැකි බව දැනදැනත් තවත් ගුරුවරියන් 35000ක් බඳවාගෙන මහජනතාව හූරලා මිරිකලා ගන්න බදුමුදල්වලින් ඔවුන් සප්පායම් කරන එකද එකම බලාපොරොත්තුව...! බොරු වැඩ කරන්නේ නැතිව දැනට දෙපාර්තමේන්තුවේ සිටින ගුරුවරු 250000 ළමයි 4000000ට අනුපාතිකව බෙදා හැරලා ළමයින්ගේ අධ්‍යාපන කටයුතු නියම විදිහට කරවීමේ වැඩ සැලපැස්මක් හදන්න. නැතිව බහුබූත නටලා අධ්‍යාපනය හදන්න බැරිබව ආචාර්ය උපාධියක් ඇති අය ඔලුවෙන් කල්පනා කර බලන්න.

:       0       0

Sriyani perera Saturday, 12 August 2023 04:12 PM

ඒක හොඳ විසඳුමක් වේවි...!

:       0       0

Pathum bandara Monday, 14 August 2023 04:31 PM

මට දැන් වයස අවුරුදු 36 යි. පසුගිය ගුරු විභාගයට පෙනී සිටීමට තිබියදී එය නැවැතුණා. දැන් අවුරුදු 35ට අඩු අය ගත්තොත් අපිට මොකද වෙන්නේ..?

:       0       0

WMS bandara Monday, 14 August 2023 04:49 PM

ඒක ගොඩක් හොඳයි... දරුවන්ට සාර්ථකව උගන්වයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site