IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


’’ගත්ත ණය මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ’’

(අංජුල මහික වීරරත්න)

බංග්ලාදේශයෙන් ගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිව්යෝක් නුවර දී පැවසුවාය.

කෙටි කලකින් එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව  ආර්ථික ප්‍රගතියක් උදාකරගෙන ඇති බව යැයි කී බංග්ලාදේශ අගමැතිනිය එම තත්ත්වය  අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් පෙන්වා දුන්නාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව නිව්යෝර්ක් නුවරදී සිදු විය.



අදහස් (8)

’’ගත්ත ණය මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවේ නෑ’’

මැක්ස් Wednesday, 20 September 2023 02:42 PM

රනිල් වික්‍රමසිංහ මහතාට වාසිදායක වන ප්‍රකාශයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව රාජපක්ෂවරුන් විසින් බංග්ලාදේශ අගමැතිනිය මිලට ගෙන ඇත යනුවෙන් ප්‍රලාපයක් ගෙතීමට සජබ සහ ජාජබ "ස්පින් ඩොක්ටර්ස්ලා"ට දැන් ඉතින් මෙය අවස්තාවක් කරගත හැකිය.

:       21       22

Chandana Fernando Wednesday, 20 September 2023 02:44 PM

අන්න යතාර්තය , ඔව කියවෙන්නෙ වෙන රටවලින්, අපෙ රටෙ අගයක් නැහැ රනිල් ට

:       1       1

Malika Wednesday, 20 September 2023 03:08 PM

අනේ ඔයාට ඕකවත් තෙරෙන්නේ නැත්ද. ඒක තමා "දීලා අදින සුත්‍රය". දැන් ආපහු ඉස්සෙල්ලට වඩා නයට ගන්නවා. ඒකත් දෙනවා තුන්වෙනි පාර දුන්නාම ආපහු ගෙවීමක් නැත. ඒක තමා ශ්‍රි ලංකා සිස්ටම්.

:       21       37

Nimal Wednesday, 20 September 2023 04:09 PM

ගරු මැතිණියනි, ගත්තු ණය ඩොලර් බිලියන 91ටත් වැඩියි. ඔබේ රටෙන් අරන් තිබෙන්නේ මිලියන 250යි. ඒ කියන්නේ බිලියන කාලයි. එයින් කොටසක් ගෙවන්නත් වසර ගාණක් ගියා... ගත්තු ණය සියල්ලම ගෙවන්නට අපට හැකිවෙන්නේ ලබන ආත්මෙදී...

:       13       24

chandima Wednesday, 20 September 2023 04:41 PM

අලින්ගෙයි, අපෙයි වැඩ කිව්වා වගේ කොහොමද මහබැංකු අධිපතිගෙයි, රනිල්ගෙයි වැඩ..? අපි බලු බැණුම් බැන්නට වැඩ්ඩො වගේ නේද? ඒත් අලිද වැඩ්ඩෝ..? නැතිනම් අපිද වැඩ්ඩෝ...? සියල්ල සිහි බුද්ධියෙන් අසත්වා.!!!

:       2       14

සිරිමල් Wednesday, 20 September 2023 08:47 PM

ගත්තු ඇමරිකන් ඩොලර් මිලියන 200 යෙන් 100යි ගෙව්වේ... ඕකට ඔච්චර කියන්න දෙයක්ද? මොකද පාර්ලිමේන්තු අය රටේ ර්‍ වියදම් වැඩි වුණා කියලා ඒ අයගේ වියදම් තව වැඩි කර ගත්තා මිසක මිනිස්සුන්ට උදව් කළාද?

:       4       8

Bamunuarachchi Thursday, 21 September 2023 06:24 AM

අපි එහෙම තමයි ණය බේරනවා. කාලකන්නි ජෙප්පෝ බිහිඋනේ නැතිනම් ඔබලාගේ රටට ආපු කර්මාන්ත කාරයෝ, ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ තවමත් මෙරටේ. අපිට ඔහෙලගෙන් ණය ගන්න උනේ කාලකන්නි ජෙප්පෝ 1971, 1989 රටට කල නස්පැත්තිය නිසයි.

:       6       2

Perera Thursday, 21 September 2023 09:27 AM

ලෝක බැංකුවෙන් ණය අරන් බන්ගලියනේ ණය බේරලා තව පම්පොරිත් ගහනවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site