
(නිමල් ජයරත්න සහ මදුශානි අබේසිංහ)
විශුද්ධිකරන වැළැක්වීමේ පනත යටතේ දේපොළ ක්‍රියා විරහිත කිරීමේ නියමය අනුව, දිඹුලාගල සිරිපුර නුවරගල ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා වාහන තොගයක් අද සවස සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
සැකකරුව සතුව තිබු කුඩා ජේ.සී.බී, යන්ත්‍රයක්, මහා ට්‍රැක්ටරයක් ,ලොරියක්, ත්‍රීරෝද රථයක්, සහ යතුරුපැදි කීපයක් මෙහිදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක කේ.ටී.බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම සැකකරු දීර්ඝ කාලයක සිට ගංජා සහ මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව මත ඔහුට විරුද්ධව අධිකරණයේ අපරාධ නඩු කිහිපයක් තිබෙන බවත්, ඔහු මෑතක ගංජා කිලෝ පහක්, මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අයකු බවද පොලිසිය සඳහන් කරයි.
සැකකාර පුද්ගලයා ගංජා, කසිප්පු ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ප්‍රදේශයේ තොග සහ සිල්ලර වශයෙන් බෙදාහැර තිබෙන අතර ඉන් උපයාගත් මුදල්වලින් මෙම වාහන රැගෙන ඇති බවට පරීක්ෂණවලින් තහවුරු ඇති බවත් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැටලීම මෙය බවත්, අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමකින් යුත් වාහන තොගය මේ වන බවද කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් ගිහින් රනිල්, රුවන්, රවී, සාගල වගේ උන් ගේත් වත්කම් හොයපන්කෝ. බලු කමේ උනත් සීමාවක් තියෙන්න ඕනේ.
ඔය නීතිය ලන්සට බලපැවැත්වෙන්නේ නැද්ද ?
ඒ වුනාට කොන්ද පණ නෑ දියවන්නාවේ හිටපු සහ දැන් ඉන්න 226 ගෙ දේපළ අත්අඩංගුවට ගන්න. මුළු ලොවම දන්නවා මේ ඔක්කොම ජනතා දේපල, බදු මුදල් හොරා කපු සහ සහචරයින්ට හොරා කන්න දීපු විදිහ.... ත්‍රස්තවාදීන් ...
ආච්චිගෙ මැණික් විකුණල ගත්ත කිව්ව නම් මොන නඩුවක්වත් වැටෙන්නෙ නෑ..බේබිල ඔය ඉන්නෙ සැපට..