
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව බාරව සිටි ප්‍රධාන ජේලර්වරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මේ වන විට සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු පුද්ගලයන් 14 දෙනකුකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන ජේලර්වරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා දෙවන වරටත් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශන ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ආරක්ෂක අංශ, නීතියේ පිරිහීම, දේශපාලන විරුද්ධවාදීන්ගේ ක්‍රියා පමණක් සොයන රාජ්‍ය බුද්ධි අංශ, වැරැදිකරුවන් දඬුවමින් මුදවන පාලකයින් මාලිමාවට හදන්න බැරි වුණොත් ශ්‍රී ලංකාවේ අනාගතය...
පොලිසියට බයේ හැංගෙන පොලිස්පති කෙනෙක් සිටින, තමන්ගේ පොලිස්පතිව හොයාගන්න බැරි පොලිසියක් තියෙන රට සැබැවින්ම වාසනාවන්තයි...
තවමත් ගල් යුගයේ නොසිට, මෙවැනි අපරාධකරුවන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පමණක් අධිකරණය සමග සම්බන්ධ කළ යුතුයි.
ඇතුලේ නම් සහයෝගයක් තියනවා කියලා අපි දන්නවා
රම්බොඩ යෝගා ගුණරත්න... .... .... ඔයා මේ ගැන යමක් කියන්නැද්ද?
සංජිව මරුණේ උසාවිය ඇතුළේ. උසාවිය ඇතුළේ ඉන්නකොටත් ආරක්ෂාව භාර ජේලර්ටද? මෙයට වගකියවිය යුත්තේ උසාවියේ ආරක්ෂාව භාර උදවිය නොවේද? උසාවියේ ආරක්ෂාව ජේලර්ලාට අයිති රාජකාරියක් නොවේ. ජේලරෙන් ප්‍රශ්න කළේ මොනවද? සංජිව උසාවිය ගැනෙන දිනය වෙලාව හා උසාවි ශාලාව ගැන තොරතුරු දුන්නා කියලා සැකද?