(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොදු ජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී අද (26)පැවසීය.
ගිණුම් හිමියන්ගේ කිසිම දැනුවත්භාවයකින් තොරව මුදල් වෙන ගිණුම් වලට මාරු කිරීම මෙම ජාවාරම හරහා සිදු කෙරෙන බව කී වලේබොඩ මහතා තම ගිණුමෙන් මුදල් ඇදීම සම්බන්ධයෙන් අඩු ගණනේ කෙටි පඩිවිඩයක්වත් නොලැබෙන අයුරින් මේ වංචාව සිදුවන බව සඳහන් කළේය.
බලන්ගොඩ ස්වාමීන් වහන්සේ නමකගේ ගිණුමකින් ලක්ෂ එකොළහක් වෙනත් ගිණුමකට මාරු කිරීම පිළිබඳව පෙරේදා 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව බැංකුවට ගොස් පරීක්ෂා කරන විට ඔන්ලයින් ගනුදෙනු පුහුණු කරන ආයතනයක් විසින් පුහුණු කරන ලද ගෝල බාලයන් පිරිසක් දිවයිනේ විවිධ තැන්වල සිටිමින් මේ කටයුත්ත කරන බවට තොරතුරු හෙළි වී තිබෙන්නේ යැයිද ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේය.
එක් දිනයකදී ගිණුම් පනහකට හැටකට පමණ මෙලෙස මුදල් මාරු කර විශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බවද දවස් දෙක තුනක් ඇතුළතදී දහසකගේ පමණ ගිණුම් වලින් මුදල් ඇද වංචා කර තිබෙන බවට වාර්තා වන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.
මෙම වංචාව සම්බන්ධයෙන් මහා බැංකුවට මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි ගාමිණී වලේබොඩ මහතා පොලිසි වලට මෙන්ම මූල්‍ය බුද්ධි අංශවලට මේ ගැන ක්‍රියාත්මක වන්නට ධාරිතාවක් නැති බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුරේ මිනිස්සුන්ව ගොනාට අන්දවලා පාර්ලිමේන්තු අවාට මොකද කරපු කෙන්ගෙඩියක් නැහැ. සිල්ලර දේශපාලනය තමයි කරන්නේ. කූරගල පන්සල අල්ලාගෙන ගොඩයන්න බැලුවා. ඊළඟ ඡන්දෙදී ගෙදර යන්න වෙන බව දන්නා නිසා මොනවා හරි බේගල් ටිකක් දෙසාබාල බලනවා... ජනප්‍රිය වෙන්න..
සුද්දා, ඒ මිනිහාගේ හරි වැරැදි පස්සේ බලමු. දන්නා තරමට මෙයා හොරෙක් නෙවෙයි. දැන් හොරු සමග නැහැනේ. ඒ අයට රත්නපුරේට මොනවා කරන්නද? මේ හොර කල්ලිය ගිණුම් වලින් සල්ලි ආදීනව නම් ප්‍රවේශම් වෙන්න තමුන්ගේ සල්ලිත් හොරකම් කරාවි, නැත්නම් හොරු සමගද?