(දයාසීලි ලියනගේ)
මේ දක්වා ගිණුම් වාර්තා ඉදිරිපත් කර නොමැති දේශපාලන පක්ෂ 18ක් ඉදිරි සති දෙක ඇතුළතදී ගිණුම් වාර්තා ඉදිරිපත් නොකළහොත් පිළිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් ඉවත්කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
වර්ෂ 2019 සඳහා ගිණුම් වාර්තා ඉදිරිපත් කරන ලෙස මැතිවරණ කොමිසම කරන ලද දැනුම්දීම අනුව අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ ගිණුම් වාර්තා ඉදිරිපත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 74කි.
ඒවායින් 18ක් හැර ඉදිරි දේශපාලන පක්ෂ ගිණුම් වාර්තා ඉදිරිපත් කර ඇතැයිද එම ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අයියෝ... මැතිවරණ කොමිසම සාමාන්‍ය දැනුම අතින් හරිම දුර්වලයි. ලංකාවේ තියන කිසිම උගත්කමක් හෝ සුදුසුකමක් අනවශ්‍ය එකම බිස්නස් එක තමයි දේශපාලනය. අවශ්‍ය කරන්නේ වැසිකිළියක හරි කමක් නැහැ... ඇඩ්රස් එකක් විතරයි ඕනේ.. ගිණුම් වාර්තා දෙන්නේ කොහොමද? කුඩ්ඩන්, කසිප්පුකාරයන්, මංකොල්ලකාරයන්, අපචාරකයන්..... කොටින්ම කියතොත් සියලුම සමාජ දූෂිතයින් ළඟ තියන මුදල් ලැබුණු විදිය කියන්න ගියොත් කෙලින්ම යන්න වෙන්නේ හිරේට. අනික ඔය උදවියට ගණන් පොත් තියන්න දැනුමක් තියන එකක්යැ...
රට රටවල් ගානේ ගිහින් ඒ රටවල්වල ඉන්න සිංහල මිනිස්සුන්ට බොරුකියලා එකතු කරගන්න සල්ලි එළියට දාන්න වෙන බයට ගිණුම් වාර්තා දෙන්නේ නැහැ.