
( සිතුම් චතුරංග)
අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයෙන් 2020 වර්ෂයේ ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වි දැනට මොරටුව විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබන සිසුවෙකුගේ සිරුර සිය නිවස තුළ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, විවේකානන්දනගර් පදිංචි චන්ද්‍රමෝහන් තේනුජන් නමැති අවුරුදු 22ක් වයසැති තරුණයකි.
කිලිනොච්චිය පොලිසියට ලැබුණ තොරතුරක් මත සිසුවාගේ නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ මියගිය සිසුවාගේ සිරුර හමුව තිබේ.
සිසුවාගේ දෙමාපියන් දෙදෙනාම ගුරුවරුන් වන අතර මියයන අවස්ථාවේ නිවැසියන් කිසිවෙකු නොසිට ඇති බවත් පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
365
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගණන් වලින් කප් ගසා මොරටුවට ආ සිසුවා දිවි නසා ගනි?
චින්තක Sunday, 20 August 2023 01:10 PM
ලංකාවේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්දක් පෙනෙන අවස්ථාවක් කියලා කියන්න පුළුවන්... ඇත්තටම අවුරුදු තුනක නැත්නම් හතරේ සිට පොතේ අධ්‍යාපනය හැර සමාජය ගැන කිසිම හැඟීමක් නැහැ.. ආගම, දහමට උනන්දුවක් නැහැ. ක්‍රීඩා කරන්න වෙලාවක් නැහැ. බැරිවෙලාවත් ආගමික ස්ථානයකට යන්නේ නැහැ. කල්පනා ශක්තිය ඇතිකරන සාහිත්‍ය පොතපත කියවන්නේ නැහැ. දරුවෝ මානසිකව ඉතාමත් දුර්වලයි.. මේ නිසා ලංකාවේ දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළොත් ලොකු විනාශයක් වේවි...!
fairoos Sunday, 20 August 2023 01:38 PM
ඉතාම කණගාටුයි...!
lankasri Sunday, 20 August 2023 05:32 PM
මීට ඉස්සෙල්ලාත් දෙමළ ළමයි දෙන්නෙක්ම දිවි නසා ගත්තා නේද? මේක නම් අභිරහසක්....
Nimal Sunday, 20 August 2023 08:08 PM
හැම දේකටම ආගම ගාවගන්න එපා... ආගම කියන්නේ මිනිස්සුන්ගේ නිදහස බැඳදමන ප්‍රකෘති මිනිසුන් විකෘති කරන පැරනි සංකල්පයක්...
Keerthi weerasinghe Sunday, 03 September 2023 06:44 AM
හැම දේටම ආගම ඕනේ..!
මාග Sunday, 20 August 2023 09:02 PM
උතුරේ තරුණ කොටසට විශේෂ ප්‍රවණතාවයක්. යුද සමය, පශ්චාත් යුද සමය ආදියේ බලපෑම ගැන පරීක්ෂා කළයුතු කරුණක්ද?
ඩබ්ලිව්. එම්. ප්‍රඥාදර්ශන Sunday, 20 August 2023 09:34 PM
කිට්ටුම යහලුවන්ගෙන් හා ගෙදර හා අවටින් තිරතුරු ලබා හේතුව හොයන්න ඕනැ. නැවත් මෙහෙම දේ නොවෙන්න වග බලා ගන්න ඕනැ. මේ පුතාට නිවන් සුව පතනවා
B.M.රංජනී බාලසුරිය Monday, 21 August 2023 04:05 PM
මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන අහිංසක දරුවන්ගේ ප්‍රශ්න හඳුනාගෙන තවතවදුරටත් තවත් අයෙකුට නැවත එවැන්නකුට මුහුණ නොදීමට සුදුසු වාතාවරණයක් ගොඩනැගීමට ක්‍රියා කිරීම වැඩිහිටි අපගේ වගකීමයි...
Sampath Tuesday, 29 August 2023 10:15 PM
හරිම කනගාටු දායක සිද්ධියක් ස්ට්‍රෙස් එක දරාගන්න බැරිව අවුරුද්දකට 1 ක් 2ක් මැරෙනවා
වටලප්පං Friday, 01 September 2023 10:20 AM
පීඩනය දරා ගන්න බැරිව මොරටුව වගේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න බැහැ. ඒකට කරන්න දෙයක් නැහැ. දරුවන්ට උගන්වන්න අවශ්‍යයි... පීඩනයට මුහුණ දෙන හැටි..! .