IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුණතිලකගේ සිද්ධිය ගැන සොයන්න ත්‍රීපුද්ගල කමිටුවක්

(යොහාන් භාසුර)

ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඕස්ට්‍රේලියාවේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.

නීතිඥාවරුන් වන නිරෝෂණ පෙරේරා සහ අසේල රැකව යන මහත්වරු එම කමිටුවේ සෙසු සාමාජිකයන් බවත් මෙම සිද්ධිය පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු සහ ක්‍රීඩකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් මොහාන් මහතා කීය.

මෙම සිද්ධිය සම්බන්ධව කණ්ඩායමේ නිලධාරීන් ඇතුළු ඕනෑම පුද්ගලයෙක් වගකීම පැහැරහැර තිබේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාකත්මක කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (6)

ගුණතිලකගේ සිද්ධිය ගැන සොයන්න ත්‍රීපුද්ගල කමිටුවක්

Prabha Tuesday, 08 November 2022 02:17 PM

ඔය වැනි කාරනා ගැන හසල දැනුමක් ඇති සරත් නන්ද සිල්වා සභාපති ලෙස පත් කරන්න

:       0       3

Suurathala Tuesday, 08 November 2022 02:31 PM

මහජන මුදල් අපතේ යැවීමක්

:       0       3

GOOD NEWS Tuesday, 08 November 2022 02:32 PM

වරද කලා... එය රටම දන්නවා... නමුත් ධනුෂ්කට ඕස්ට්‍රේලියාවේ හිරබත් තපින්න උනොත් කොල්ලා සදහටම ඉවරයි... ඒ නිසා ධනුෂ්කව ලංකාවට ගෙන්වලා දෙන දඬුවමක් දෙන්න. ජීවිත කාලයටම ක්‍රිකට් සෙල්ලම තහනම් කරලා පාසල් දරුවන්ට ඔහුගේ දක්‍ෂකම උගන්වන්න ඉඩ දෙන්න! ආරංචිය දෙපැත්තම නඩු නොගොස් සමාදානයට එන්න හදනවා කියලා , ධනුෂ්ක ලොකු වන්දි මුදලක් ගෙවලා

:       7       0

Rexi Tuesday, 08 November 2022 03:11 PM

මේ වැනි කමිටු අපි ඔනතරම් ඇක ඇත. වැඩකට නැති දෙයක්

:       0       6

sachith Tuesday, 08 November 2022 03:56 PM

ඔකෙ අන්තිමට මෙයා නිදහස් වෙලා කන්ඩයමෙ හිටපු මේදේවල් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති පොඩි කොල්ලෙක් වැරදි කරයි කියල කියයි

:       0       2

විපරමා Tuesday, 08 November 2022 04:08 PM

කමිටු පත්කරලා නිතීය ක්‍රියාත්මක කිරීම කෙසේ වෙතත් ,ක්‍රිකට් පාලක මණ්ඩලයේ කෙරුවාවල් ගැන නම් දන්නෝ හොන්දාකාරවම දනිති .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site