(සුජිත් හේවාජුලිගේ )
ගුණාත්මක රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදීම සඳහා විධිමත් අධ්‍යයනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ කටයුතු සහ කඩිනම් ගෙවතු වගා සංග්‍රාමය සම්බන්ධයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (10) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේ දීය.
රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
අගනගරයේ වූ ප්‍රධාන රාජ්‍ය ආයතන පළාත්වලට විමධ්‍යගත කිරීමෙන් රාජ්‍ය සේවකයා කොළඹට පැමිණීම අවම කරගත හැකි බවද ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය
රාජ්‍ය සේවකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන විනය පරීක්ෂණ කඩිනම් කිරීම සහ රාජ්‍ය සේවකයන්ගෙන් උපරිම සේවාවක් ලබගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පිළිබඳවද මෙහි දී සාකච්ඡා කෙරිණ.
රාජ්‍ය පරිපාලන සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව “එක්ව වවමු - රට දිනවමු” මැයෙන් ජාතික ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ආරම්භ කිරීමටද මෙහිදී තීරණය විය. ඒ ඒ ප්‍රදේශවල වගා කිරීම සඳහා සුදුසු භෝග නිවැරදිවම හඳුනාගැනීමේ අවශ්‍යතාව නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති බලයට ආපු දවස්වල නම් ඔය නිලධාරි කවුරුත් ටිකක් ඔය එතුමා කියන දේවල්වලට ඇහුන්කන් දුන්නා තමයි. ඒ දවස්වල හිතුවේ මෙතුමා එක්ක සෙල්ලම් බැහැ කියලා. දැන්නම් කවුරුත් ඕවා ගණන් ගන්නේ නැහැ. ඔය කියන ඒවා කරන්න යන්නේ නැහැ.
මාස 30කින් රටම කාබාසිනියා කළා මදිවට තව උපදෙස් දෙන්නත් එනවා. අනේ තව පවු නොදී ඔය තනතුරින් ඉවත්වෙලා යන්න.
ගුණාත්මක ජනපති සේවයක් සඳහා මෙයාට ගෙදර යන්න කියලා ජනතාව උපදෙස් දෙනවා දැන් ගොඩ දවසක ඉඳන්. අහන්නේ නෑනේ...
අනේ නන්දසේන, විහිළු කරන එකෙත් සීමාවක් තියෙන්න ඕනෑ.!
‘‘ගුණාත්මක‘‘ සේවාවල් දෙන කෙනානේ මේ අනිත් අයට කියන්නේ..!
උපදෙස් ගන්නම කෙනා, කාට හරි විනාශ වෙන්න ඕනෙ නම් මෙන්න..
රාජ්‍ය සේවකයින්ට විරුද්ධව ඇති විනය පරීක්ෂණ කඩිනම් කරන එකත් හොඳයි.. ඒ වගේම මහජන නියෝජිතයින්ට එරෙහිව තිබෙන දූෂණ චෝදනා වගේම වෙනත් අය සිදුකළේ නිරන්තරයෙන් මාධ්‍ය මගින් හෙළිකල මහජන මුදල් අවභාවිතා ගැනද පරීක්ෂණ කඩිනම් කිරීම හොඳයි.
ගුණාත්මක රාජ්‍ය සේවයක් දැන්නම් හදන්න බැරිවේවි... අපි රජයේ සේවයේ සිටියදී ලැබෙන ලිපියකට පිළිතුරක් දින 03ක් ඇතුළත යැවිය යුතු වුණත් මේ කාලයේ අදාල ආයතනයේ ප්‍රතිචාරයක් නැතුවම දෙපාර්තමේන්තු ප්‍රධානියා අමතා යවන ලියාපදිංචි ලිපියක් සඳහාවත් පිළිතුරක් නොදෙන තත්වයක් තියෙනවා. ආයතන සංග්‍රහය පරිදි ලිපියක් ලියන්නේ නැහැ. මම සේවයේ සිටිද්දී එක් අයෙක් ලියපු ලිපියේ ඇමතුමක් නැති නිසා ඇහුවාම කිව්වේ අපි රාජ්‍ය සේවයේ අය අපි භාණ්ඩ ගන්නේ මුදලට ඉතින් මහත්මයාණෙනි, කියලා ලියන්නේ මොකටද කියලා උන්දෑ කිව්වා වත්මන් ආයතන ප්‍රධානීන් සුළු පිරිසක් එවැනි ලිපි අත්සන් කරනවා. කියන්න අදහස් අනන්තයි. ලියා නිම කරන්න බැරිතරම් රාජ්‍ය සේවය දැනට දූෂිත වෙලා...
රාජ්‍ය සේවකයින්ට උපදෙස් දෙනවාට වඩා හොඳයි ඔබතුමා ටිකක් ඉගෙන ගත්තා නම්...!
උපදෙස්? ජනාධිපති?...
අර්බුදයක් මැද වගාව විනාශ කර රටට කෑම නැතිකළ අනාගත්ත පාලකයෙක් ගුණාත්මක රාජ්‍ය සේවය කරන්න හදනවා. පිටිපස්සෙනුත් හිනා යනවා...
ඔවා දෙනු පරහට.. තමා සම්මතෙහි පිහිටා සිට.. තමුන් ජනතාවට අන්දවපු සෞභාග්‍යයේ දැක්මේ තරම දැන් ලෝකෙටම පේන්න තියෙනවා.
රාජ්‍ය සේවයට කාලයක පටන් රිංගලා ඉන්න NGO බැලයින්ව ඒ තැන්වල තියාගෙන මේ රට හැදිල්ල බොරු… ජනාධිපතිලා 100ක් මාරු කළත් වැඩක් නෑ.. NGO පර හැත්ත රාජ්‍ය සේවය තුළ ඉන්නකන් මේක ගොඩගන්න බෑ.
රාජ්‍ය සේවයේ පිරිසකට තමන්ගේ නිල රථය සුළුම මුදලක් ගෙවලා පුද්ගලික පරිහරණය සඳහා ගන්න පුළුවන් ඉතින්... මේ කාලයේ රුපියල් 25000ක් පමණ අයකළ යුතු ගාස්තුවක් වෙනුවෙන් රජයට ගෙවන්නේ රුපියල් දෙදාහක් පමණ මුදලක්, එහෙම පාවිච්චියට ගන්න වාහන සඳහා ඉන්ධන රජයේ වියදමින් අරගෙන පවුලේ අයගේ ව්‍යාපාර සඳහාත් ගන්නවා ඇති. ඒවා බලන්න කෙනෙක් නැහැ ජනාධිපතිතුමා රාජ්‍ය සේවයේ කටයුතු ගැන සොයන කාලයේ රට ගැන හිතලා එහෙම දේවල් වෙනවා.. නොවුණත් රජයේ වාහන පුද්ගලික පාවිච්චියට ගැනීම තාවකාලිකව හෝ නතර කරන්න..
මේ රටේ කරුමෙකටම ආපු කෙනෙක් තමයි.