IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගණිකා මඩම් හයකින් 25ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි.

එම මධ්‍යස්ථාන සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලීසිය සඳහන් කරයි.

රාත්‍රී කාලයේ දී විවෘත කර තිබෙන මෙම මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායට දිගින් දිගටම ලද තොරතුරු හේතුවෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම් සිදු කළ බව පොලිස් නිළධාරියෙක් පැවසීය.

අදාල වැටලීම සඳහා පොලිස් කණ්ඩායම් හයක් සහභාගී වී ඇති අතර පොලිස් උපාය දූතයන් මාර්ගයෙන් එම ස්ථාන ගණිකා මධ්‍යස්ථානය ලෙස තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් බහුතරයක් කාන්තාවන් දුර බැහැර ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් ඔවුන් පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් කොළඹ රැකියාවන්වලට පැමිණ අමතර ආදායමක් උපයාගැනීම සඳහා රාත්‍රී කාලයේදී මෙම මධ්‍යස්ථානය කරා සේවය ලබාදී මුදල් ඉපයීමට පුරුදු වී සිටි අය බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

 



අදහස් (6)

ගණිකා මඩම් හයකින් 25ක් අල්ලයි

jayarthna Friday, 16 June 2023 06:02 PM

රටේ ආර්ථික අහේනිය මෙම තත්වය වැඩිවීමට හේතුවක් වෙලා කියලා මට හිතෙනවා...

:       0       45

prasanna Friday, 16 June 2023 08:09 PM

කුහුඹුවෙකුටත් වරදක් නැති... වැරැදිකාර ළඳුනේ...

:       1       30

HELAYA Friday, 16 June 2023 10:11 PM

ළම පමණක් ලොවට පෙනෙන... ළය නොපෙනෙන ළඳුනේ... රටේ ඉහළ පැළැන්තියේ කරන වැරැදි දැක්කාම මේවත් වැරැදිද? 

:       1       4

Wijesekara Saturday, 17 June 2023 12:35 PM

නිතරම යන අපිට තමයි පාඩුව...

:       1       4

Sada taru Saturday, 17 June 2023 06:26 PM

දැන් කන්න බොන්න පොලිසියෙන් දෙයි...!

:       0       1

Dadoriya Saturday, 17 June 2023 08:56 PM

ලොකු වැඩක් කරලා... අල්ලපල්ලා හොරු 225 ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site