(කේ.බුද්ධික කුමාරසිරි)
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පාදුක්ක සේනානායක මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකිණීමේ මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකරු ඇතුලු කාන්තාවන් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් කළමණාකරු හංවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර විශාල මුදලක් ගෙවා අදාල මධ්‍යස්ථානය කුලී පදනම මත ලබා ගෙන මෙම කාන්තාවන් මුදලට අලෙවි කිරීම සිදු කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම මධ්‍යස්ථානය සදහා කාන්තාවන්ගේ පහස ලබා ගැනීමට පැමිණෙන අයෙකුගෙන් රුපියල් දස දහසේ සිට පන්දහස දක්වා මුදලක් අයකර ඇති බව සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ දොඩංගොඩ , ඉදුරුව සහ අගලවත්ත ප්‍රදේශවල වයස අවුරැදු 23ත් 35ත් අතර කාන්තාවන් වේ.
අත් අඩංගුවට ගත් සිව්දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත කරුණු වාර්තා කිරීමට නියමිත වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා වහන්න වහන්න ලිංගික අපරාධ වැඩි වෙනවා .අපේ රටේ මිනිසුන් ජාතිය ලෝකේ තියන සේරම ජරා වැඩ කරලා .ඕක විතරක් වැහුවම හරියනවද ?මට තේරෙන්නේ නැහැ
පොලිසියට කරන්න පුළුවන් ඔය වගේ වැඩ පමණයි .දුප්පත් ගැහැණු තම පවුල නඩත්තු කරන්න ඔය වැඩ කලාට මම හිතන්නේ නැහැ ගැහැණු ඔය වැඩේට කැමති කියලා ආර්ථික ප්‍රශ්න
මෙම වෘත්තයත් නීතිගත කරන්නම ඕනි.මොකද අවශ්‍ය කෙනා ඒ පහසුකම් ගනීවි.වෙනත් රටවල්(ඇමරිකාව,ඕස්ට්‍රේලියාව,.කැනඩාව තවත් රටවල්)නීතියෙන් අවසර දීල.හැබැයි කොන්දේසි සහිතව.රටේ ස්ත්‍රී දූෂන මෙයින් යම් ප්‍රමාණයක පාලනය වෙයි.