IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයා වෙඩිවැදී මරුට

(චන්ද්‍රසේන ගමගේ)

හුංගම පොලිස් වසමේ රන්න නගරයට ආසන්නව ගොඩනැගිලි උපකරණ අළෙවි සලක හිමිකරුවකුට ඊයේ රාත්‍රී වෙඩිතබා ඝාතනය කොට ඇති බව පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රී 10ත් 11 ත් අතර  සිදු වන්නට ඇතැයිද පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් ව්‍යාපාරිකයාගේ හිසට බරපතල හානි සිදුව තිබුණු බවද පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ 52 වැනි වියේ පසු වූ එක් දරු පියෙකි.

මිය ගිය වෙළදසලේ හිමිකරු බිරිඳ හා දියණිය සමග වාසය කරන්නේ වෙළදසල පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ ඉහළ මහලේය.

මිය ගිය ව්‍යාපාරිකයා වෙඩි වැදී මිය ගොස් තිබුණේ එම ගොඩනැගල්ලේ පසුපසය.

ව්‍යාපාරිකයාට අයත් ලොරි රථයක ඩීසල් කිහිප විටක් හොරෙන් ගෙන තිබුණු බවත් එම ලොරි රථය පරීක්ෂා කිරීමට යන අතර තුරදී මෙම වෙඩි තැබීම සිදු වූ බවත් මිය ගිය ව්‍යාපාරිකයාගේ බිරිඳ පොලීසියට පවසා ඇති බවට පොලිස් තොරතුරු වලින් දැන ගන්නට තිබේ.

මිය ගිය ව්‍යාපාරිකයාට අයත් බවට සැලකෙන පතොරොම් තුවක්කුවක් ඔහු ජීවත් වූ උඩු මහලේ බිම වැටි තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

එම ගිණි අවියට අයත් යැයි සැලකෙන ගිණි අවියේ කොටසක් සිරුර ආසන්නයේ තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.



අදහස් (0)

ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරිකයා වෙඩිවැදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site