(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ගොඩගම වටරැක ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි .
අනතුරින් රත්නපුර මුවගම පේමානන්ද මාවතේ පදිංචි (18) හැවිරිදි පාසල් සිසුවකු ද සිටින බවත් අනිත් පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි .
මෙම පුද්ගලයන් දෙදෙනා වටරැක ගුණවර්ධන මාවත හරහා යතුරු පැදියක යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණි .
අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මෝටර් රථය රියැදුරු ද සුළු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත්ව ඇති බව පොලීසිය කියයි .
මියගිය දෙදෙනාගේ මෘතදේහයන් දෙක මේ විට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ
COMMENTS