(ඩයනා උදයංගනී)

ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී ඇත.

ගොඩවැලි කැණීම් මගින්  දැවැන්ත පාරිසරික හානියක් සිදුවන වාර්තා වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා අම්බලන්තොට වලේවත්ත නැමැති ගම්මානයම මේ වනවිට ගොඩ වැලි කැණීම් නිසා  විනාශව ගොස් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

එමෙන්ම වගා කළ හැකි කුඹුරු ඉඩම් මෙන්ම පොල් ඉඩම් වැනි ආර්ථික වගාවන් සහිත  ඉඩම් පවා වැලි කැණීම් නිසා විනාශව ගොස් ඇති බව නිරීක්ෂණය කර ඇති බව ඇමතිවරයා පැවසීය.

එම නිසා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂ කණ්ඩාමක් යොදවා පුළුල්  විමර්ශණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමටත් එම වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි පියවර තීරණය කිරීමටත් නියමිත බව කී ඇමතිවරයා එතෙක් එතෙක් ගොඩ වැලි කැණීම් බලපත් නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.