
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිඹුලාගල යාය හත මහවැලි ගම්මානයේ ගොඩ ඉඩමකට දුන් බීර බලපත්‍රයක් උපයෝගී කරගෙන මඩ ඉඩමක බීර හලක් දමා ඇතැයි සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම බීර හල ආසන්නයේ පෙර පාසලක් මෙන්ම පන්සලක්ද තිබෙන බව කී මන්ත්‍රීවරයා මෙම බීර හලට විරුද්ධව ගම්මානයේ දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්වෙමින් තිබෙන බව සඳහන් කළේය.
අදාල බලපත්‍රය දුන් ගොඩ ඉඩමට බීර හල ගෙනයන්නැයි ජනතාව ඉල්ලා සිටින බවද දින 14ක් ඇතුළත මෙය ඉවත් කරන ලෙස මහවැලි අධිකාරියෙන් ද නියෝග කර තිබෙන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.
දිසාපතිට මෙන්ම ප්‍රාදේශීය ලේකම්ටත් මේ කාරණය පැමිණිලි කර ඇතැයි නෙල්සන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන වාසියට එපා. ආගමයි ව්‍යාපාර හා ආර්ථිකය සම්බන්ධ කරන්න එපා. ආගමික නායකයින්ගේ කටයුත්ත විය යුත්තේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි නොවන ලෙස සමාජයක් ඇති කිරීම... සමාජය මත්ද්‍රව්‍ය ගන්නවා නම් ඒකෙන් කියන්නේ ආගමික සංස්ථාවේ බිඳවැටීමයි. පන්සල් පල්ලි තියන තැන්වල දාන්නැතුව වෙන තැනකට දැම්මාම මිනිස්සු බොන එක නවත්වනවද?