(විමුක්ති එස් රුද්‍රිගු)
තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රැඳී සිටින හෝටලයෙන් පිටව නොයන ලෙස බැංකොක් පොලිසිය උපදෙස් දී ඇතැයි එරට ආරංචි මාර්ග උපුටා දක්වමින් බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානය තායිලන්තයේ ෆුකෙට් වෙත ගොඩ බැසීමට සැලසුම් කර තිබුණත් ආරක්ෂා හේතුන් මත ගුවන් යානය මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත යොමු කර ඇතැයි බැංකොක් පොස්ට් පුවත් පත සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමෙන් අනතුරුව තායිලන්ත ආරක්ෂක අංශ බැංකොක් නගරයේ ස්ථානය හෙළි නොකළ හෝටලයකට රැගෙන ගොස් ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත ප්‍රකාශ කළේය.
සිවිල් ඇඳුමෙන් සැරසි තායිලන්ත ආරක්ෂක අංශ නිලධාරීන් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඔහු රැඳී සිටින හෝටලයේ යොදවා ඇතැයි බැංකොක් පෝස්ට් පුවත්පත් වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ලංකාවට එන්න බය...? රනිල් විශ්වාස නැද්ද?
මේ සේරම කරන්නෙ ගෝටාගෙ. ඉල්ලිම් මත. හොඳට වියදම් කරන්න රටේ මුදල් තියෙනවානෙ ගේටාගේ පවුලෙ සැමෙ ලෝබකමක් නැතිව මුදල් වියදම් කරන්නෙ. නොමිලේ මේ වගෙ සේවයක් කිසිම රටකින් ලබා ගන්න බැහැ. අපේ රටේ නීතියෙ වැරැද්ද. රටේ ජනතාවගෙ මුදලින් පැනලා යනකම් බලන් හිටියා. සිංහල ජාතිය රටේ පලවෙනි තැනට ඉන්නෙ. නමුත්. පිටරට ඉන්න අපි වගෙ අයට ලැජ්ජැයි. අපේ රටේ වෙන දේවල්. මේ විදියට අහන්න. ලෝකෙ කිසිම රටක් මේ වගෙ නැහැ. රට බන්කොලොත් කරලා මුදල් හොරා කලා බය නැතිව ලෝකෙ වටේ යනවා. හිරේ ඉන්න ඔන මිනිහෙක් අරාක්ශාව දීලා බලන් ඉන්නවා. නීතියක් නැති රටක් කවදාවත් දියුනු වෙන්නෙ නැහැ. බොරුවට පොඩි මිනිස්සු අල්ලන් හිරගේ පුරවනවා.
එහෙට මෙහෙට පැනපැන හැංගි හැංගී ඉන්නවාට වැඩිය ලංකාවට ඇවිත් බංකරේකට වෙලා ඉන්න බැරියෑ....
අනේ පවු. එතුමාට අන්තර් ජාතික මට්ටමෙනුත් මරණ තර්ජන තියනවා වගෙයි.
ජනාධිපතිවරයා වශයෙන් වැරැදි සිදුවන්නට ඇත. නමුත් ගෝඨාභය සියලු වැරැදි කළබව කියමින් ඔහුට පමණක් චෝදනා කිරීම සුදුසු නොවේ. ඔහු වටා ඇමැති මණ්ඩලයක් සිටියේය. උපදේශකයන් සිටියේය. ඔහු සමග සිටි සියලු දේශපාලකයින් වර්තමාන ජනාධිපතිවරයා සමග ද සිටියි. ගෝඨාභය සහ බිරිඳ මේ ආකාරයට රටින් රටට ගොස් සැගවී ජීවත් වියයුතු නොවේ. ඔවුන්ට යළිත් ඇමෙරිකාවට ගොස් ඔවුන්ගේ මුණුබුරන් සමග සිට ඔවුන් කැමැති කාලයක නැවත ලංකාවට පැමිණීමට අවස්ථාව තිබිය යුතුවේ...!
කවුරු මොනවා කිව්වත් පරිස්සම් කරන්න ඕනෑ කෙනෙක් තමයි. පිටට වටින අපිට නොවටින අපේම කෙනෙක් මිස්ටර් ගෝඨාභය...
ඒ කියන්නේ හිර අඩස්සියේ ඉන්නවා වගේ තමයි..!
කළ හොඳ පස්සෙන් එනවා වගේ...!
ඔබට අවශ්‍ය ආරක්ෂාව මේ රටේ තිබෙනවා. ඒ සඳහා අපේ ආරක්‍ෂක අංශ බැඳී සිටිනවා. ඔබට තියෙන්නේ ආර්ථිකය දුර්වලවීමේ චෝදනාව පමණි. නමුත් ඔබේ මුදල් ඇමැතිවරු, උපදේශකයින් හා රාජ්‍ය නිලධාරීන් මේ රටේ තවදුරටත් සිටිනවා. රටට ලැජ්ජා නොකර වහාම ආපසු පැමිණෙන්න. ඔබේ හැසිරීමෙන් ජාත්‍යන්තරයට හිතන්නේ මේ රටේ පවතින්නේ කැලෑ නීතිය කියලයි..!
ගෝඨාභය මහතාට රැකවරණය දීම ගැන සතුටුවෙනවා.එතුමාට කරදරයක් උනොත් මහා ජෙප්පන්ව BBQ..දානවා
රටම හොරාකාළා, විනාශ කරලා... සූඛෝපභෝගි හෝටල්වල සැප... හරි නම් ඉන්න ඕනේ හිරේ.
මිනිස්සුන්ට පිස්සු නැහැ පිස්සෙක්ව මරන්න... මෙයා මේ එන්නේ වෙන පොටකට.., මෙයා මොනවා කිව්වත්, කරත් අපේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන් හොරා කාපු සල්ලි රටේ දේපළ ආපහු දෙන්නම ඕනේ මෙයා සහ මෙයාගේ අනිත් සහෝදර රැල...
"හැමෝම කියනවා ඉතාලියට පැනගත්තේ කොහොමද? එතැනින් එංගලන්තෙට පැනගත්තේ කොහොමද, ඉන්දියාවට පැනගත්තේ කොහොමද, ඩුබායි වලට පැනගත්තේ කොහොමද කියලා. ඒත් කවුරුවත් කියන්නේ නෑ මම කොහොමද තායිලන්තයට පැන ගත්තේ කියලා. මම තමයි හොඳටම පැනගත්තේ... "
අකාර්යක්ෂම පාලනය හැර වෙනත් දූෂණ චෝදනා ගෝඨා ට නැහැ . එහෙම කෙනාට මේ රටට එන්න බැරි ඇයි. සේරම හොරු ටික රට ඇතුලේ ඉඳිද්දි මෙයා අනාථ වෙලා .
ෆොන්සේකාට තිබුනානේ රාජපක්ෂලා එන්න කලින් යුද්ධෙ දිනන්න. මොකෝ අවරුදු 25 ම යුද්ධ කලේ? ෆොන්සේකාට හමුදාපතිකම දීලා ඔය තත්ත්වයට ගත්තේ කව්ද? රාජපක්ෂලා එන්න කලින් ෆොන්සේකා කෙනෙක් ගැන ඔහේ දැනගෙන හිටියාද? ෆොන්සේකා හොඳ සැල්වේෂන් ආමි එකට කියලා රනිල් කිව්වා මතකද? රාජපක්ෂලා නොඑන්න ෆොන්සේකා නවතින්නේ සැල්වේෂන් ආමි එකේ. දෙවන ලෝක යුද්ධයේදී මහා බ්‍රිතාන්‍ය පැත්තෙන් යුද්ධය මෙහෙය වුයේ කවුද කියලාවත් ඔබ දන්නවාද?
මේ සාටක රාජපක්ෂ පවුලම හොරු කියල දැන් ලෝක ප්‍රසිද්ධයි. ඒකයි මුට එලියටවත් යන්න එපා කියල තියෙන්නෙ. මිග් යානා වලිං හොරාකාපු මූට සාප්පු වලිං හොරාකයි කියල බයටයි මූට එලියට යන්න එපා කියල නීති දාල තියෙන්න. හොරාකෑම සහ පට්ට බොරු ඇදබෑම හැරුනු කොට මුංගෙ ජරාපක්ෂ පවුලෙ ඒකෙක්වත් වෙන කිසිම දේකටනං දක්ෂ නැහැ. ඒක නං ඉර, හඳ වගේ විශ්වාසයි.