(අජන්ත කුමාර අගලකඩ)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක කාලයක් ලබා දෙන්නැයි රජය සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
සිංගප්පූරුවේ රැඳී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වීසා කාලය අවසන් වීමෙන් පසුව ලබන එකොළොස් වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.
එහෙත්, රජය කර ඇති මෙම ඉල්ලීම අනුව, රාජපක්ෂ මහතා මේ මස අවසන් සතිය පමණ වන තෙක් සිංගප්පූරුවේ රැඳී සිටිනු ඇතැයි දැනගන්නට ඇත.
අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ,හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් මස 14 වැනිදා මාලදිවයින හරහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, ඔහුට සති දෙකක කාලයක් එහි රැඳී සිටීමට අවසර දී තිබිණි.පසුව එම කාලයද තව සති දෙකකින් දීර්ඝ කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉන්න තැනකට වෙලා හිටියානම් තමයි හොඳ... රටේ මිනිස්සුන්ට වදයක් නොවී...
නීතියේ හැටියට නම්, ‘‘දැක්ක දුටු තැන වෙඩි තැබිය යුතුයි...‘‘
රිදී කළේ, රන් කොතලේ බීපු මට නිකම් කළේ පන් නැතිවිය.. පිපාසෙට කොට්ටමෙට්ට ඇඳ ඇතිරිලි තිබූ අපට පණ යන්ට වීය පලු වීර ගස් යට කිව්වාලු. නුඹ නාඩන්... නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම් කියලාත් කිව්වාලු...!
ගෝඨා මුලු පවුලම පාර්ලිමේන්තුවේ දාගෙන ජනතාවගේ බදුමුදල් ඔවුන්ට වැටුප් හැටියට බෙදලා දුන්නා. මෙයා ගැන වෙනනම් අපි දන්න දෙයක් නෑ...
මෙයාගේ වියදමට ඩොලර් කොහෙන්ද?
බැරියැ උගන්ඩාවටම ගිහින් පදින්චි වෙන්න. හොරාකාපුවා හංගලා තියෙන්නෙත් ඒ රටේනේ...?
උගන්ඩාවට හෝ ස්වාසිලන්තයට ගිහින් පදිංචි වෙන්න...
දන් ලොකුකම් කිසිම දෙයක් නැති ගානට ඉන්නෙ. ඇමරිකන් විසා නති වුන ගමන් අයියා මලෝ පීචන් වුනා. අද ඇමරිකවට එන්න ඉඩ දුන්නනම්. අද ලංකා වැසියන් හිනහා වෙනවා. මහින්ද. බැසිල් කට වහගෙන ඉන්නෙ ගෝටාට යන එන මන් නති නිසා. නැතිනම් කට්ටියගෙ හැසිරිම බලා ගන්න තිබුනා. රටට ඇතුලු වෙන්න දෙන්නම එපා මුසලම පවුලක්.
ගෝඨාභය මහතා සමග වෛරයෙන් පසුවන ඉහත කමෙන්ට් දාපු අය කුඩ්ඩන්ද කියා සොයා බැලිය යුතුයි.