(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගෝඨාභය රාජපක්ෂට ගෙදර යෑමට වැඩ කළේ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය.
ලංකාවේ බදු අය කිරීම සම්බන්ධයෙන් අද දවසේ විශේෂ සාකච්ඡාවක් මතුවී පවතින බවද ඔහු සඳහන් කළේය.
වලේබොඩ මහතා මෙසේ පැවසුවේ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමය පිළිබඳ විවාදයේදීය.
ගාමිණී වලේබොඩ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
අද වෙළෙඳපොළ විශාල වශයෙන් කඩා වැටීමකට ලක්වෙලා. මේ අතරෙදි ආදායම් බදු අනුපාතය වැඩි කරන්න යනවා. ඩොලර් ගේන අයට සම්පූර්ණ සහය දීලා තියෙනවා. කාබනික විප්ලවය කර රටේ කෘෂිකර්මය නැත්තටම නැති කළා. ආදායම් බදු හරහා මෙරට ව්‍යාපාර පැලැන්තිය විනාශ නොකළ යුතුයි
අපට තමයි මූල්‍ය වගකීම තියෙන්නේ. උණ්ඩියල් ක්‍රමයට සල්ලි එවන්න කිව්වා. විදේශ විනිමය නැතිවුණේ ඒ නිසයි. තෝරගත්ත ව්‍යාපාරවලට විතරක් බදු හඳුන්වාදීමෙන් ප්‍රතිඵලයක් අත්වන්නේ නෑ. ආර්ථිකය නංවන ව්‍යාපෘතිවලට පුළුල් බදු සහන දිය යුතුයි. මේ ප්‍රශ්නයට ආණ්ඩුවට තනියම මුහුණ දෙන්න බෑ. විපක්ෂයටත් බෑ. ඒ නිසා රට වෙනුවෙන් අවම ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතුයි. ඒ හරහා ආර්ථිකය ගොඩනැංවිය යුතුයි. දුප්පතුන් ආරක්ෂා කිරීමටත් විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරීන්? අපි නම් දන්නා තරමින් ඔහුගේම යයි කියාගන්නා උදවියගේ පිහිටෙන් තමයි ගියේ... වැරැදි උපදෙස් දෙන නිලධාරීන් පත්කර ගත්තේ කාගේ උපදෙසින්ද?
එයාට මොලයක් නැති නිසානේ වැරැදි උපදෙස් ඉස්මුදුනෙන් පිළිගත්තේ...!
මේ එළියට එන්නේ නියම බයියෝ... රට බංකොළොත් කරපු අයට නම් හෙණ වදිනවා.
ගෝඨාභයට ගෙදර යන්න වැඩේ කළේ නිලධාරියෝ නෙවෙයි, ගෝඨාභයමයි. ආපු දවසේ ඉඳන් කළේ නඩු ටික අයින් කරගන්න එකයි. කයිවාරු ගහන්නේ ඒකයි. පවුලේ අනිත් හොර තක්කඩින්ටයි, වටේ ඉන්න පල් හොරුන්ටයි හොරා කන්න දුන්නු එක විතරයි..
දුප්පතුන් තව ටික දවසකින් හාමතේ මැරිලා ගියාම ඔවුන්ව ආරක්ෂා කරන්න දේකුත් නැහැ. එතකොට ලංකාවේ ජනතාව සුපිරි, ධනවත් ජනතාවක් බවටත් පත්වෙනවා.
බැසිල්, මහින්ද ,නාමල් හා රජයේ ඉහල නිලධාරීන්ගේ ප්ලැන් එකක් තමයි ගෝටාභය ඉවත් කිරීම. නැවත මහින්දට බලය ගැනීම හා නාමල්ට තැනක් දීම. මෝඩ ගෝටට ඒක තේරුනේ නෑ. ලොක්කා වගේ රැඟුවා මෙලෝ සිහියක් නැතුව. කබ්රාල් වගේ උන්, පොහොරා තමයි ලොකු වැඩ කොටසක් කෙරුවේ. අනිකා වෛද්‍ය වරයෙක් කියාගත්තු ගොවියා.