(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ස්ථිර මහාධිකරණයේ ගොනු වී ඇති අධි චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය වැරදි සහගත බැවින් එම නඩුව පත්වාගෙන යා නොහැකි යැයි රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ අභියාචනා පෙත්සම දෙකක් අද (09) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලු අවස්ථාවේදී මේ බව පැවසීය.
මෙම අභියාචනා පෙත්සම් සිසිර ද ආබෲ , ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රසන්න ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා මෙසේද කීය.
‘‘ මෙම අභියාචනා ගොනු කර ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඉදිරිපත් වූ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධවයි.
චෝදනා පත්‍රය ඒකාබද්ධ කර ඉදිරිපත් කිරීම අපැහැදිලි බව , නීතීයට පටහැනිව පිහිට වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන කටයුතු කිරීම යන විරෝධතා ඉදිරිපත් කළා.
මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ඇත්තේ නීතීයට පටහැනිව පිහිට වූ පොලිස් කොට්ඨාසයක් ( එෆ්.සී.අයි.ඞී ) මඟින් මෙවැනි නීතිවිරෝධී පොලිස් අංශයක් මඟින් සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කළ නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ පිළිබඳව නඩු තීන්දු 2ක් ඉදිරිපත් කළ හැකියි.
ඒ අනුව අදාළ විරෝධතා ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය අවලංගු කර මහාධිකරණයට මෙම නඩුව විභාගයට ගැනීමට බලයක් නැතැයි තීන්දු කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා සිටිනවා.
ඒ අනුව අදාළ විරෝධතා ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය අවලංගු කර මහාධිකරණයට මෙම නඩුව විභාගයට ගැනීමට බලයක් නැතැයි තීන්දු කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා සිටිනවා.‘‘‘
වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස (11) වැනි දිනට කල් තැබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දෙමව්පියන්ට මෙච්චරම ආදරෙයිනම්, තුන් කෝටි හතලිස් ලක්ෂයක් මහජන මුදලින් වියදම් කරලා මෙයාගේ දෙමව්පියන්ට ස්මාරකයක් හදන්නේ නැහැනේ. එහෙමනම් කරන්නේ තමන් දහදිය මහන්සියෙන් උපයපු මුදලින් එවැනි ස්මාරකයක් හදන එකනේ. සමහරවිට මේ මුදල යම්කිසි ආයෝජකයෙක් දීපු සන්තෝෂමක් එහෙමත් නැත්නම් කොමිස් මුදලක් වෙන්නත් පුළුවන් ඒ කොහොම උනත් එවැනි සන්තෝෂම් හෝ කොමිස් ලැබුනේ මහජනතාවගේ බදු සල්ලි වලට නිසා කිසිසේත්ම සමාව දිය නොහැකියි. එහෙත් මේ තුන් කෝටියට වඩා වත්මන් යහපාලුවෝ බැදුම්කර වංචාවෙන් කොල්ල කාපු මුදල කෝටි දස දහස් ගානක් වෙනවා. ඒ නිසා මේ පුද්ගලයාට දඩුවම් දීමට වඩා අපට ඒ බැදුම්කර සල්ලි වටිනවා.
ජනතාවගේ මුදල් හොරාකාපු හොරුන්ව බේරගන්න එක එක ගැට ගසමින් මුදල් හම්බකරලා දරු පවුල් වලට කන්න බොන්න මේ කලුකෝට් කාරයන්ට ලජ්ජා නැද්ද ..මීට වඩා නම්බුයි නේද දවටගහ පල්ලිය ළඟ රෙද්දක් එලාගෙන සල්ලි හොයා ගත්තනම්
[...සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කළ නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ] ශ්‍රී ලංකාව ඉන්දීය රජයේ අතකොළුවක් නොවන බව අපේ රටේ මහාධිකරණයට අමුතුවෙන් කියා දිය යුතු නැත ! අපේ උගත් මහාධිකරණයට රටේ නීතිය අනුව තීන්දු තීරණ ගැනීමේ බලයක් හා වගකීමක් තිබෙන බව හැමෝම දන්නා කාරණාවකි ! ගෝඨාට එරෙහිව නඩුව වැරදි විදියට ඉදිරිපත් කර තිබේනම් එම චෝදනා සංශෝධනය කර නැවත උසාවියට ඉදිරිපත් කිරීමට රටේ ක්‍රියාත්මක නීතිය අනුව පුළුවන් බව අපේ උගත් නීතිවේදීන් හොඳින් දන්නා කරුණක් නිසා මෙම නඩුව කල් නොමරා උසාවියට ඉදිරිපත් කිරීමට දින ලැබෙනතුරු හැමෝම බලා සිටිනවා......
එහෙනම් ඔලුවෙන් හිටගෙනද නඩුව ෆයිල් කරන්න ඕනේ ? නඩුව හරි විධියට ෆයිල් නොවුනානම් මොකටද විත්තිකරු අවභාවිත කරපු මුදලින් කොටසක් ගෙවා දැම්මේ ? දැන් ඔන්න ඉන්දියාවේ නඩු නිමිති හුවා දක්වනවා . හොඳට මතක තියාගන්න මොන නඩු වාර්තා පෙන්නුවත් විත්තිකරුට ජම්පරය නොඇඳ ඉන්න වෙන්නේ නැහැ කියන දෙය ..
ඔය පටන් ගන්නෙ ටික ටික.....
අනේ මේ වගේ උත්තමයෙකුට මොන නඩුද පිස්සු මේවා දෙවියෝ බලාවි වැඩි කල් නොගොසින්ම ජයවේව
මොන මොනව හරි චෝදනා ටිකක් තියනවනෙ, ඉදිරිපත් කරපු ආකාරය ගැටළුවක් කර ගන්න ඒපා. තියන විදියට විභාග කරන්න කියල ජනපතිවරණ නාම යෝජනා ඉදිපත් කිරීමේ වාරණයක් අරන් දෙන්න. ඒ් හොඳටම ඇති.
ජනපති වෙන්න කලින්ම මෙහෙම නඩු යට ගහනවා නම් ජනපති වුනොත් නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ.. අපේ රටට අබ සරණයි.
සැමදෙනාටම එකම නිතිය නේද මහත්තයෝ ???
මේ වගේ රටට ආදරේ මිනිසුන්ට කෙනෙහිලි කම් කිරීමෙන් ඔහුගේ ගමන නොනැවතෙනු ඇත.
පලි ගැනීමේ චේතනාව හැර මේ නඩු වල වෙන දෙයක් නෑ.මේ රටෙත් නැතුව කොමෙන්ට්ස් දාන අය මේ රටේ සෞඛ්‍ය කෂේත්රයේ සිදුවෙන මංකොල්ල ගැන දන්නෙම නැති බබාලා.රටේ ඉන්න අයට ආරක්ෂාව ඕනේ.ඒක බිලිදුන්න අයට වඩා එය රැකලා පෙන්නපු අය ගැන ජනතාව නිවැරදි තීරණය ගන්නවා.කොටින්ට ,අන්තවාදීන්ට කඩේ යන අයට බලන් ඉන්න වෙනවා.
මෙයා ජනාධිපති වෙනකල් හිරේ ඉන්න මිනී මරුවෝ දෙන්නෙක් බලාගෙන ඉන්නවා නිදහස් වෙලා නැවත දේශපාලනය කරන්න එන්න. එක්කෙනෙක් තංගල්ල පැත්තේ මිනීමරු ස්ත්‍රී දුෂකයෙක්. පුළුවන් නම් වියත්මග රැස්වීමක කියන්නකෝ මේ දෙන්නා නිදහස් කරනවද නැද්ද කියලා කෙලින්ම.
රට බේරා ගත්ත මදිවට නඩුත් දා පල්ලකෝ. ලංකාවේ ගුණමකු මිනිස්සුනේ පුදන්න ඕන කරන මිනිහෙක් හිර කරන්න ඔහෙලට දෙවියන්ගේ හාල් කැවිලද?රජ කාලේ නම් ගම්වර වලින් පුදන්නේ.
සහතික ඇත්ත පිටිගල. රටම දන්නවා සිල්වා කලේ කුඩු බිස්නස් කියලා. එහෙව් එකෙක්ව ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී කරපු කෙනෙක් බලය ඉල්ලනවා විනය ගරුක රටක් හදන්න. මොන විහිළුද මේවා.
හොරෙක් නොවේ නම්, නිවැරදිකරු නම් කොහොම නඩු දැම්මත් බයවෙන්න ඕන නෑ. මෙයා ජනාධිපති වුනොත් අධිකරණ සියල්ලම වහලා සුදු වෑන් වලින් ගෙදරටම ඇවිත් නඩු අහලා තීන්දුව දීලම යයි. තීන්දුව පෙට්ටිය හෝ අතුදහන්.
අලි සබ්රි කලකදී මගෙත් නීතිඥයා. නමුත් දැන් නම් සල්ලි වලට තුට්ටු දෙකේ වැඩටත් බැහැලා .
මොහු මොනයම් ආකාරයෙන් හෝ මේ නඩුවෙන් මගහරින්න තමා උත්සාහ කරන්නේ. මෙවැනි කෙනෙක්ද රටේ නායකයා වෙන්න ඕනේ ?
අම්මගේ, තාත්තගේ සොහොන් රටේ මිනිසුන්ගේ සල්ලි වලින් හදන මිනිහෙකුටද මේ රට බර දෙන්න යන්නේ ? නඩුවට අර ෆොන්සේකා මහත්තයා වගේ කෙලින් පෙනී හිටින්නේ නැතුව මොනවද මේ කරන තුට්ටු දෙකේ වැඩ... මේ වගේ කෙනෙකුට රට ගියොත් අපට කට අරින්න වෙන්නේ දත් මදින්නයි, බත් කන්නයි විතරයි.
පෙරකදෝරුවෝ ටිකයි , නඩුකාරයෝ ටිකයි ජනාධිපතිවරණය ඉවරවෙනකල් නඩුව අල්ල ගෙන ඉඳී. මේවටත් වැයවෙන්නේ අහිංසක ජනතාවගේ මුදල් නේද?
කොහොමත් ගෝඨාභයට විරුද්ධව වැඩ කිරීම ගැටළු සහගතයි. පටන් ගමු රනිල්ට සහ රවීට විරුද්ධව ඇති නඩු.
ලෝකේ හොඳම ඉගෙනුම තියෙන්නේ මෙහෙ කියල කියනවා නේද? නඩුවකට චෝදනා ගොනු කරන්න දන්නේ නැති පෙරකදෝරුවෝ ඇති උනේ කොහොමද? පුද්ගලික නිති විද්‍යාලයකින් සමත් වුනු අයද?
මොන ගැටලුවක්ද මහත්තයෝ ! සාවද්‍ය ලෙස මුදල් පරිහරණය කලාද නැද්ද ??? එහෙම නොකලා නම් පරීක්ෂණ කරන්න හදනකොට පස්සේ සල්ලි දුන්නේ මොකටද ???
චෝදනාවන් ඇත්තනේද ? ඒවා ඉදිරිපත් කරපු අාකාරය විතරනේ වැරදි .
එතකොට බණ්ඩාරනායක පිළිරුව, හොරගොල්ල, ඩඩ්ලි සේනානායක පිළිරුව හැදුවේ තමුන්ගේ සල්ලි වලින්ද? රටට වැඩක් කළ කෙනෙකු පසුපස එළවීම ගුණ නැහැ. බෝම්බවලට බයේ පාරක යන්න බැරුව බඩඑළිය ගිය අයගේ කොමෙන්ට් වලින් වැඩක් නැහැ.