IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගෝඨාභයගේ හිටපු ව්‍යායාම උපදේශක කුඩුත් එක්ක මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්‍රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරික ව්‍යායාම උපදේශකයකු වශයෙන් ද කටයුතු කරමින් හිටපු ජනාධිපතිවරයා සමග සමීපව සිට ඇති මෙම සැකකරු ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීමෙන් පසු යුද හමුදාවෙන් ඉවත් වී ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

යහලතන්න නෙල්ලිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියෙකු වන සැකකරු හෙරෝයින් මත්කුඩු ජාවාරම් කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .



අදහස් (7)

ගෝඨාභයගේ හිටපු ව්‍යායාම උපදේශක කුඩුත් එක්ක මාට්ටු

පියල් Tuesday, 19 March 2024 07:05 AM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. හිරෙන් එළියට ඇවිත් පොතක් ලිව්වා නම් හරි...

:       0       0

Bunny Preena Tuesday, 19 March 2024 09:17 AM

තාත්තා කෙනෙක් වෙලත් මෙවැනි දේවල් කරනවා නම් දරුවන් යහ මග යන්නේ කොහොමද

:       0       14

Chandima Tuesday, 19 March 2024 01:25 PM

ඒ කාලේ ගෝලයින් කුඩු ගහලා වගේ උන්නේ එහෙනම් ගුරාගෙන් පුරුදු වෙලා වෙන්න ඇති...?

:       0       0

පිටරටවැසියා Tuesday, 19 March 2024 02:58 PM

මෙයා අපේ විරුවටත් බලයේ ඉන්න කාලෙ සප්ලයි එක දෙන්න ඇති. රට පාලනය වුනෙත් ඒ ගානටමනේ ...

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 19 March 2024 05:12 PM

අප්පා කරපු දේ පුතා නොකරනවා නම් එයා නොට්ටිගේ පුතා කියලා වැඩිහිටියෝ කිව්වේ මේ අයට තමයි.

:       0       0

Siri Tuesday, 19 March 2024 10:44 PM

මේගොල්ලෝ නේද හොඳටම කෙරුවේ ?

:       0       1

කට කහනවට කියන කතා Wednesday, 20 March 2024 06:30 AM

ඉතින් පොලිස්පති කොතරම් මෙහෙයුම් කළත් ලංකාවේ කුඩුකාරයො හා කුඩුගෙන්වීම නවතන්නේ කොහොමද? (හිටපු) කෙනා පටන් ඔහෝම වෙනකොට නැත්නම් වැටත් නියරත් ගොයම් කනවිට කුඹුර රකින්නේ කොහොමද මේ කුඩ්ඩා ගෝඨාභය ජනාධිපති කාලයේද ඕක කරන්න ඇති.. ඒත් ඉතින් ජනාධිපති නිෂේධ බලය නිසා අල්ලාගෙන තමන්ගේ ආරක්ෂාව නැතිකර ගන්න කවුද කැමති? එ නිසා ඉදිරි මැතිවරණ වලින් කුඩුකාරයෝ මර්ධනය කරන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ මනාපය දෙන්න ජනතාව පෙලගැහෙනවා නම් රට හදන්න පුළුවන් වේවි. පුදුමේ කියන්නේ ඔටුන්න හිස දැමීමට බලාගෙන ඉන්න කෙනෙක් වත් කුඩ්ඩෝ මර්ධනය ගැන කියන්නේ නැහැනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 335 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site