
(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්‍රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි .
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරික ව්‍යායාම උපදේශකයකු වශයෙන් ද කටයුතු කරමින් හිටපු ජනාධිපතිවරයා සමග සමීපව සිට ඇති මෙම සැකකරු ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීමෙන් පසු යුද හමුදාවෙන් ඉවත් වී ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
යහලතන්න නෙල්ලිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියෙකු වන සැකකරු හෙරෝයින් මත්කුඩු ජාවාරම් කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. හිරෙන් එළියට ඇවිත් පොතක් ලිව්වා නම් හරි...
තාත්තා කෙනෙක් වෙලත් මෙවැනි දේවල් කරනවා නම් දරුවන් යහ මග යන්නේ කොහොමද
ඒ කාලේ ගෝලයින් කුඩු ගහලා වගේ උන්නේ එහෙනම් ගුරාගෙන් පුරුදු වෙලා වෙන්න ඇති...?
මෙයා අපේ විරුවටත් බලයේ ඉන්න කාලෙ සප්ලයි එක දෙන්න ඇති. රට පාලනය වුනෙත් ඒ ගානටමනේ ...
අප්පා කරපු දේ පුතා නොකරනවා නම් එයා නොට්ටිගේ පුතා කියලා වැඩිහිටියෝ කිව්වේ මේ අයට තමයි.
මේගොල්ලෝ නේද හොඳටම කෙරුවේ ?
ඉතින් පොලිස්පති කොතරම් මෙහෙයුම් කළත් ලංකාවේ කුඩුකාරයො හා කුඩුගෙන්වීම නවතන්නේ කොහොමද? (හිටපු) කෙනා පටන් ඔහෝම වෙනකොට නැත්නම් වැටත් නියරත් ගොයම් කනවිට කුඹුර රකින්නේ කොහොමද මේ කුඩ්ඩා ගෝඨාභය ජනාධිපති කාලයේද ඕක කරන්න ඇති.. ඒත් ඉතින් ජනාධිපති නිෂේධ බලය නිසා අල්ලාගෙන තමන්ගේ ආරක්ෂාව නැතිකර ගන්න කවුද කැමති? එ නිසා ඉදිරි මැතිවරණ වලින් කුඩුකාරයෝ මර්ධනය කරන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ මනාපය දෙන්න ජනතාව පෙලගැහෙනවා නම් රට හදන්න පුළුවන් වේවි. පුදුමේ කියන්නේ ඔටුන්න හිස දැමීමට බලාගෙන ඉන්න කෙනෙක් වත් කුඩ්ඩෝ මර්ධනය ගැන කියන්නේ නැහැනේ...!