(නාලක සංජීව දහනායක)
තමන්ගේ රුව ප්‍රදර්ශනය කරමින් දිවයින පුරා ප්‍රදර්ශනය කර තිබෙන කටවුට් සහ බැනර් සියල්ලම වහාම ගලවා ඉවත්කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියලූම සංවිධායකවරුන්ට දැනුම් දී තිබේ.
පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පක්ෂ සම්මේලනයේ දී ජනතාවට පොරොන්දු විය. ඔහු මේ බව දැනුම්දී තිබෙන්නේ ඒ අනුවය.
එම පොරොන්දුව තම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්තියක් බැවින් ඉදිරියේදී තමන්ගේ රුව සහිත බැනර් හා කටවුට් ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී පරිසර හිතකාමීව මැතිවරණ ව්‍යාපාරයේ නිරතවිය යුතු බවට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලූම සංවිධායකවරුන්ට දැනුම් දී ඇත.
ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ජනතා නියෝජිතයන් සහ විවිධ සංවිධාන විසින් කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කිරීම ජනතාවගේ විවේචනයට ලක්ව තිබෙන බවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් නිළධාරින් ඔහුට පෙන්වා දී ඇතැයි වාර්තා වේ.
මෙම උපදෙස් අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පතමින් හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාම ප්‍රදර්ශනය කර තිබූ සියලූම පොස්ටර්, කටවුට්, බැනර් හා තොරණ සියල්ලම මේ වනවිට ගලවා ඉවත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයකු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම නායකයකු සතු ඉතා හොඳ ගුනාංගයක්. ගෝලයෙක් වැරැද්දක් කරාම ඒක සුද්ද කර කර ඉන්නෙ නැතුව හරි ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෙ.
යහපත් නායකත්ව ලක්ෂණ... සුබ පැතුම්.!
පරිසර හිතකාමී මැතිවරණයකට මුලික අඩිතාලම දැමීමට පෙරමුණ ගත්තාට ඔබතුමාට ස්තුතිය, අනිකුත් අපේක්ෂකයිනුත් මෙලෙසම රට සහ පරිසරය ගැන සිතා මැතිවරණ ප්රචාරක කටයුතු කරයි කියල හිතනවා
සියලුම මෝඩ දේශපාලකයෝන්ට හොඳ ආදර්ශයක්...හොඳ පටන් ගැනීමක්..හොඳ අවසානයක් වේවායි පතමි
මොකෝ තමන් ගහපුවා ගලවන්න කියන්නේ ?
යතාවාදී තථාකාරී ගුණයෙන් හෙබි උතුම් මිනිසෙක්.
ලොක්කා එහෙම හිතුවට සොක්කෝ හිතන්නේ පරණ පුරුදු ආකාරයටමනේ. අරටු බැහැපු පරණ පුරුදු වෙනස් කරන්න තව කල් යයි.
බොහොම හොද තීරණයක්. මේවගේ දේවල් වලින් මෙතුමා දූර දර්ශි නායකයෙක් බව පේනවා.
මම පාරම්පරික එජාප පාක්ෂිකයෙක්. නමුත් ගෝටාභයගේ ඒ ආදර්ශය අගය කරනවා මම.
රටට ආදරය කරන පුද්ගලයෙකුගේ ආකල්ප විය යුත්තේ එයයි
ඝෝඨාභය වැනි පෞරුෂයක් ඇති පුද්ගලයෙක් අමුතුවෙන් කටවුට් ගසා හඳුන්වා දිය යුතු නැත.
වැඩේ හොඳයි තව දෙයක් කලා නම් තවත් හොඳයි. වටේ ඉන්න කට්ටිය අවුල්.
අැයි නොමිනේෂන් අහිමි වෙන ලකුණුද මේ .....?
පටන් ගැන්මෙන්ම ආදර්ශ වීම හොද දෙයක් . ඔබට ජය !
පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් කෙසේවෙතත් මිනීමැරුම් වංචා වලින් තොර මැතිවරණ ව්‍යාපාරයක් නම් දවල් හීනයක් විතරයි නේද?
පටන් ගත්තා විතරයි වැඩේ අසාර්ථකයි. ඒකයි ඔක්කොම ගලවන්නේ. අලුත්ම සමීක්ෂණ වලට අනුව සීයයට 30ක් වත් නෑලූ
ඉහත ජගත් මහතාණනි. ඔබට ප්‍රවෘත්තියක් කියවා තේරුම්ගැනීමට තරම් මොලය වර්ධනය වී නැද්ද
ඡන්ද කොමසාරිස් නාම යෝජනා දෙන්න බැහැ කියා වගේ
පවුලේ ඇතුලෙන් නැවතත් විරෝධයක් මතුවෙලා ද ?
මොකද මෙයා දැන්මම පරාජය භාර අරන් වගේ
ලයිට් කණු පුරෝලත් පරාදයි ඒ නිසා මෙයා උප්පරවැට්ටියක් දානවා වගෙයි. ශ්‍රී ලංකාවේ මිනිස්සු ඕවට රැවටෙන කාලේ දැන් ඉවරයි
මේකත් මොකක් හරි මගඩියක ආරම්බයක් වගේ
මෙයා සංදර්ශන දමන්න උපන් හපනෙක් බව අපිට අමුතුවෙන් කියා දෙන්න ඕන නැහැ. කටවුට් ඉවත්කරන්නැයි "උපදෙස්" දීම එම සංදර්ශනයේ මුල් කොටස පමණයි !!! හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු