
සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර් පුවත් සේවය පවසයි.
ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ මහතා, තාවකාලිව දින කීපයක් තායිලන්තයේ රැඳී සිටිනු ඇති බවය.
පසුගිය ජූලි 12 රාත්‍රියේ, ජනතා විරෝධතා හමුවේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ මහත්මිය සහ තවත් දෙදෙනෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියහ.
ඉන් අනතුරුව, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස, මාලේ අගනුවර සිට සිංගප්පූරුව බලා ගියේ සෞදි අරාබි ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.
ජූලි 14 වැනිදා සිට ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රැඳී සිටියේ අවස්ථා දෙකකදී සිංගප්පූරු රජයෙන් දින 14 බැගින් විසා අවසර ලබා දුන්නේය.
සිංගප්පූරු බලධාරීන් ගෝඨාභය රාජපක්ෂ මහතා ට ලබා දුන් වීසා කාලය අද (11) අවසන් වන අතර, ඔහු තායිලන්තය බලා පැමිණෙන්නේ ඒ අනුව බවත් රොයිටර් පුවත් සේවය පවසා තිබේ.
(රොයිටර් - 034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්ද එච්චර සල්ලි මෙයාට..? බංකොළොත් කරපු එකට කිසිම පරීක්ෂණයක් නැද්ද?
සෞදි රට මේ වගේ ලෝකෙටම එපාවුණු රාජ්‍ය නායකයින්ට රැකවරණය දෙනවා. ඒ අය කළයුත්තේ ඉස්ලාම් ආගම වැළඳගෙන සරණාගතභාවය ඉල්ලීමයි. මෙයාටත් සුදුසුම විසඳුම මෙයයි...!
අහිකුණ්ඨිකයෙක් ගාණට වැටිලා... කරලා තියෙන නොසණ්ඩාල වැඩවලට පවුමෙලොවදීම ගෙවිලා යන්න ඇහැකි වුණොත් හොඳයි...
ඔහු ඔප්පුකලා ලෝකෙටම කිසිදු ත්‍රස්තවාදියෙක් මැරීමට අණ නොදුන් යුද අපරාධ කාරයෙකු නොවන බව.
"අල්ලපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ" කොහෙන්ද ඔය තරම් සවාරි යන්න සල්ලි හම්බ කෙරුවේ?
කළදේ පලදේ. වපුරපු එක තමයි නෙලන්නේත්.
අර පැරදිලා ගෙදර ඉන්න රවී කරුණානායක තමන්ගේ සල්ලිවලින්, හෙළිකොප්ටරයෙන් ගියා කියලා මෙතන හිටපු කට්ටිය. මේ ගුවන්ගමන්, ආරක්ෂකයින්ගේ වියදම්, නවාතැන් ගන්න හෝටල්වල බිල් ගැන එහෙම මොකද දන්නේ නැහැ කියන්නේ නෑ නේද?
සිංහල ජාතිය තරම් කෙළෙහිගුණ නොදන්න ජාතියක් ලෝකෙ කොහේවත් නැතිව ඇති
අනේ මෙහෙ නම් එන්න එපා.
කෙලෙහිගුණ නොදත් ජාතියක්.... අනගාරික ධර්මපාලතුමාත් රට හැරගියේ ඒකලු...
සතියක් තායිලන්තයේ ඉඳලා ආයෙත් සැරයක් සිංගප්පුරුවට එයි. රටෙන් පිටවෙලා නැවත රටට අතුල් වුණාම තව සති 2ක් වීසාගන්න පුළුවන්. ප්‍රශ්නය එය නොවෙයි මේ හාදයාට මෙතරම් සල්ලි කොයින්ද...? සිංගප්පූරුවේ හිටපු හෝටලයේ මෙයා හිටපු කොටස රජවරු සඳහා වෙන්කළ කොටසක්... දවසකට අපේ සල්ලිවලින් ලක්ෂ 25ක් විතර වෙනවා කියලා තමයි බී.බී.සී වල වාර්තාවුනේ. ජනාධිපති කෙනෙකුට ලැබෙන වේතනය කීයද...? ( රුපියල් ලක්ෂ දෙකකට අඩුයි.) එහෙම නම් මේ සල්ලි කොයින්ද..? හොරාකාපුවා නොවෙයිද...? පොහොට්ටු බයියන් හිතන්නේ මේ හොරුන්ට උපතින්ම මුදල් ලැබිලා කියලා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ...!!!
තොප්පි කාරයෝ සහ එළඟි තෙල් කාරයෝ අපේ බෞද්ධ නායකයා එළෙව්වා. පෝලිම් නිසා 69 ලක්ෂය නිහඬ වුණා... අපි ගෝඨා ගෙනාවා.