
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබා ගැනීමට ඉල්ලුම්පතක් කිසිදිනක ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
"මම කිසි දවසක අගමැතිකම දෙන්න අර තනතුර දෙන්න කියලා එතුමට ලියුම් ලිව්වෙ නෑ. ඒ වගේම තනතුරු ඉල්ලගෙන වන්දනාවේ ගියෙත් නෑ යැයිද ඔහු සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
තමා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙයට පෙර ලියූ ලිපියක් ගැන මේ සභාවේ ඊයේ කතා කෙරුණු බවත් තමා එම ලිපිය ලිව්වේ තමාගේ තනි තනිමතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ අවබෝධයෙන් බවත් ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නැයි තමාගෙන් පුන පුනා ඉල්ලීම් කළ බවත් ඒ අවස්ථාවේදී ඔහුට ලිඛිතව පිළිතුරක් යැවූ බවත් විපක්ෂනායකවරයා කීවේය.
ඒ අවස්ථාවේදී අන්තර්කාලීන කෙටිකාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කොන්දේසි හතරක් ඉදිරිපත් කළ බව සිහිපත් කළ සජිත් ප්‍රේමදාස මහතා නිශ්චිත කාලයක එහි එක් කොන්දේසියක් බව ප්‍රකාශ කළේය.
එසේම සියළු සියලු පක්ෂ වල එකගතාවයෙන් දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සියලු පක්ෂවල සහය ඇතුව කටයුතු කිරීම, ජනතාවට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාදීම අනික් කොන්දේසි බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උත්තමයා ලියුම් කරදහිය එයාගේ ඉංගිරිස් වලින් ලියන්න ඇති ඒක තමයි අගමැති කම ගහලා ගියේ.
බලන් යනකොට මෙයා වගේ පිවිතුරු නිකලැල් දේශපාලන චරිතයක් මේ මිහිතලයෙම නෑනේ. කිසි දෙයක් ඉල්ලලා නැ. හොරකම් නෑ. මැරකම් නෑ. සියල්ල දන්නවා. ඒ උනාට අපිට මතකයි භාර ගන්න කීවම තටම තටම ඉදලා වටේ ගිහින් ලියුම් දෙකක්ම යැවූවා කියලා.
ඉතින් කොන්දේසි විරහිතව බාරගන්න කෙනෙක් හදලා තිබුණනේ අපේ කට්ටිය...
දැන් කෙකර ගාන්න එපා... අපූරුවට අගමැතිකම ගන්න තිබුණු වෙලාවේ කෝඳුරුතෙල් හත්පට්ටයක් ඕනෑ කීවා. යකෝ මොනවා වෙන්න හරි ගන්න තිබුණානේ. වැඩ පෙන්නන්න. දැන් බොරු ෂෝ දාන්න එපා.